ඒත් එක්කම ජේකේ "මන් යනවා ගයූව බලන්න..." කියලා අහන්නෙවත් නැතුව ඇතුලට ගියා කඩන්...😑හැල්මොනි මූ යකෝ කියලා පස්සෙන්ම ගියා...

ඒත් එක්කම දැක්කේ පිටිපස්සෙ තව දෙන්නෙක් ඉන්නවා කියලා...

Yoongiiii :- "ඒයී කුකීයෝ මෙහෙ එනවා ඔතන girls ලා නිදාගන්න රූම් එකක් මනුස්සයෝ..."

Hobi :- "ඒයී මෙහෙ එනවා...."

කුකීයා ඇහුනේ නෑ වගේ ඇතුලටම කඩාගෙන යද්දී දැක්කා ඒ සුමිහිරි දර්ශනේ කට්ටිය නිදාගෙන ඉන්න විදිහ...

කුකීගේ පස්සෙන් ගිය හොබීයී ටේටේයී යුන්ගීයී ඒක දැකලා හිනා වෙනවා හයියෙන්...

කට්ටියම හිනා වෙවී ඉද්දී එකපාරටම මිනුවා හයියෙන් ගයූව බදාගත්තා...දැන් නම් ගයූ හුස්ම ගන්න බෑවගේ සීන් එකක ඉන්නේ😶 කුකී අඩියට දෙකට දුවලා මිනූව පොඩ්ඩක් ඈත් කලා ආයේ ඒ යෝදී බදාගත්තා ගයූව😂

Jk -: "ආයිශ් ආයේ බදාගත්තා නේද😑"

Halmoni :- "ආහ්😂 ඔහොම තමා කුකී අක්කා නගාලා සැට් එකම...ඒක නෙමෙ පොඩ්ඩක් ඉන්න අර දෙන්නව අයින් කරමු නැත්තම් ගයූවට හුස්ම ගන්න බැරුව මැරෙයි😂😂"

හැල්මොනි යද්දී යුන්ගීත් ගිහින් අර කෙල්ලො දෙන්නව දෙපැත්ත කරද්දී කුකීයා හැරෙන තැපෑලට ගිහින් ගයූව උස්සගත්තා🤐 (A/N :- මේ දවස් වල හරිම රස්නෙයි නේද😶🤐)

Jk -: "කෝ නැගිටින්න ඒන්ජල්"

කුකී ගයූගේ කනට කරලා කියද්දී "යනවකෝ වදේ මොන කරදරයක් ද... ආයේ කරදර කලොත් හැල්මොනි ඇත්තමයි මන් ඔයාගේ කොස්ස පුච්චලා දානවා😤😤"

යුන්ගීයාට නම් හොදටම හිනා... ටේටේ උලුඅස්ස දිහා බලාගෙන හිනා වෙනවා..හොබියා නම් වෙන කල්පනාවක...

Halmoni -: "මන් ආයේත් කියන්නෙ ඔය හයදෙනාට නැගිටිනවද ගුටි කනවද😑"

හැල්මොනි ගේ කටේ සද්දේ නිසාම සැට් එක උඩ ගිහින්,

Leda :- "පස්වාන් දහසට දේවයන් වහන්ස මේ ගැත්තාට සමාව දෙන්න...ඕන් මන් ගියා..."

ලෙඩා දුවගෙන එලියට යද්දී තා පොඩ්ඩෙන් හේසෝකගේ ඇගේ...

Halmoni -: "ලෙයා තී ඇහැරෙන්නෙ නැද්ද😑😑"

♡ 𝙳𝚛𝚎𝚊𝚖 𝙷𝚎𝚊𝚛𝚝𝚜 ♡ || ɢ ×ʙ sᵗᵒʳʸ || ᴄᵒᵐᵖˡᵉᵗᵉᵈ ✓Where stories live. Discover now