CHAPTER 45

601 194 13
                                    

මන් ෆෝන් එක ගත්තේ වෙලාව කීයද බලන්න . ඒත් මිස් කෝල් 4ක් තිබ්බා

4ම සොන්හා ගෙන්.....

මන් දෙපාරක් හිතන්නේ නැතුව සොන්හාට කෝල් බැක් කරා. ෆෝන් එක එක පාරක් රින්ග් වෙනකොටම සොන්හා හෙලෝ කිව්වා

🙋‍♀️"හෙලෝ ජින් "

🙎‍♂️"සොන්හා. "

🙋‍♀️"ජින් කෝල් එක කට් කරන්න එපා"

🙎‍♂️"නෑ සොන්හා මන් කට් කරන්නෙ නෑ"

🙋‍♀️"මට ඔයාව හම්බෙන්න ඕනේ"

සොන්හා කිව්ව දේට මන් ටිකක් බය උනා. ඇත්තටම සොන්හා ඊලගට මොන ප්‍රශ්නේ අරන් එයිද කියන එක ගැන මන් ටිකක් නෙවේ. ගොඩක් බය උනා.

🙋‍♀️"බය වෙන්න එපා ජින් . මන් ඔයාට කරදරක් කරන්න නෙවේ එන්නේ. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.."

සොන්හා මන් බය උනා කියලා තේරුම් ගත්ත නිසාද කොහෙද ආයෙමත් කතා කරා.

🙎‍♂️"හරි සොන්හා. හෙට එන්න"

🙋‍♀️"ඔයාට ෆ්‍රී මොන වෙලාවටද? "

🙎‍♂️"හවස කමක් නැද්ද? ඔයාට වැඩද?"

🙋‍♀️"මන් වැඩ කරන එක නවත්තලා දැන් කාලයක් වෙනවා ජින්. මන් 6ට විතර එන්නම්. ඒ වෙලාව ශේප් ද ?"

🙎‍♂️"ඔව්. ඒ වෙලාවට එන්න. "

🙋‍♀️"තැන්ක් යූ ජින්. ගුඩ් නයිට්."

සොන්හා වෙනස් වෙලා. කටහඩ වෙනස් වෙලා. වෙනදාට කතා කරන විදිහට වඩා ගොඩක් වෙනස්. වෙනදට මන් බායි කියනවා අද එයා බායි කියනවා.

සොන්හා මොකට මාව හම්බෙන්න එනවද කියලා කල්පනා කර කර මන් නිදා ගත්තා. මන් නිදාගන්නකොටත් ජන්ග්කුක් ඇහරිලා හිටියේ කියලා මන් හොදටම දැක්කා.

පහු වෙනිදා ප්‍රැක්ටිස් කරලා අපාර්ට්මන්ට් ඇවිත් මන් ඉක්මනට වොශ් එකක් දාගත්තේ මට සොන්හා ව හම්බෙන්න යන්න තිබ්බ හන්දා.

ඉකමනට එලියට එනකොටම සේජින් අන්කල්ට මාව අහු උනා

"කොහෙද දුවන්නේ?"

"විසිටින් රූම්"

"විසිටින් රූම්? ඔයාව හම්බෙන්න කවුරුත් විසිටින් රූම් එන්නේ නෑනේ.එන ඔක්කොම ගාල කඩා ගත්ත වගේ අපාර්ට්මන්ට් එකටනේ එන්නේ".

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now