CHAPTER 21

650 199 6
                                    

Jins pov



මන් නැගිටිද්දි ජන්ග්කුක් නැගිටලා හිටියේ. මන් හරියටම පැය 2ක් නිදාගෙන තිබ්බා. මන් බාගෙට නිදිමතේම ජන්ග්කුක් ලගට ගියේ කොහොමද අහන්න..

"ජින් හ්යුන්ග්........"

"ජින් අයියා........."

නිදි මතේ ඇවිදලා මාව වැටෙන්න ගියාම හන් සූයි ජන්ග්කුකුයි දෙන්නම කෑ ගැහුවා. හන්සූ ඉක්මනට ඇවිල්ලා මාව අල්ලගෙන එක්කන් ආවා ජන්ග්කුක් ලග තිබ්බ හන්සූ වාඩි වෙලා හිටිය පුටුවට..

"කුකී. කොහොමද දැන්."

"හොදයි හ්යුන්ග්"

"මන් බය උනා.. කකුල කොහොමද? රිදෙනවද?"

"තාම නෑ. ඒත් මෙහෙම වාඩි වෙලා ඉන්න තමයි බැරි"

මන් නිදිමතේ කතා කර කර ඉද්දි මන් හිතන්නෙ මට ආයෙමත් නින්ද ගියා ජන්ග්කුක්ගේ ඇදට ඔලුව තියාගෙන. ආයෙමත් ඇස් අරිද්දි ජන්ග්කුක් හිනා වීගෙන මන් දිහා බලන් හිටියා.

"හ්යුන්ග්. ගිහින් එන්න."

"කොහෙද?"

"අපාර්ට්මන්ට් එකට.."

"මට බෑ."

ටිකක් කතා කර කර ඉද්දි හන්සූ දවල් කෑම අරන් ආවා අපි දෙන්නට. ජන්ග්කුක්ට දුන්නේ හොස්පිටල් ෆුඩ්ස්.

"යාහ්... මට මේවා දීලා ඔයාලා රස කෑම කනවද? මෙලෝ රහක් නෑ."

ජන්ග්කුක් බැන බැන ඒ කෑම එක කෑවා. කාලා ඉවර වෙනවත් එක්කම ඩොක්ටර් ආවා ජන්ග්කුක්ව ටෙස්ට් කරන්න. නොක් කරනකොටම හන්සූ ගිහින් සෝෆා එකේ වාඩි උනා.

"මිස්ටර් ජන්ග්කුක්. කොහොමද දැන්."

"කෑම කන්න බෑ ඩොක්ටර්."

"ඇයි ඒ?"

"ඒවා රස නෑ"

ඩොක්ටර් හිතුවෙ ජන්ග්කුක් මොකක් හරි ලෙඩක් ගැන කියන්න යන්නේ කියලා. ඒත් ජන්ග්කුක්ගේ උත්තරයට ඩොක්ටර් විතරක් නෙවේ නර්සුත් හිනා උනා. ඩොක්ටර් චෙක් කරලා ඉවර වෙලා යන්න ලෑස්ති වෙලා

"ඕනේ කෑමක් කන්න. කමක් නෑ..."

කියලා ගියාම ජන්ග්කුක් බෙඩ් එකේ ඉදන්ම කෑ ගැහුවා.

"මන් ගෙදරින් අරන් එන්නම් කුකී අයියා. මෙතන ඉදන් විනාඩි 5ක් වත් නෑනේ."

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now