Jins pov
අන්තිමට මන් නැගිටලා ගිහින් සාහා ගේ ඔන්චිල්ලව ඉස්සරහා බිම වාඩි වෙලා සාහාගේ මූනට එබුනා..එයා අඩනවා....
"ඇයි අඩන්නේ."
මන් අහනවත් එක්කම සාහා හයියෙන් අඩන්න ගත්තා.සාහා අඩනකොට මොකක්ද කරන්න ඕනේ කියලා මට තේරුනේ නෑ.
නලවනවද? අඩන්න එපා කියනවද? මොනව කියන්නද කියලා මට හිතාගන්න බැරි උනා. මන් හිටපු විදිහටම බිම එක කකුලකින් දන ගහගෙන හිටියා.සාහා එක පාරටම අඩ අඩ මාව වැලදගත්තා
"අම්මා ගියා"
"කොහෙද අම්මා ගියේ?"
"අම්මා තරුවක් වෙන්න ගියා."
සාහාගේ තරු ගැන කතාව මට මතක් උනා. තරු කියන්නේ මේ ලෝකෙන් මැරුන හොද මිනිස්සුන් අහසට ගිහින් අපි දිහා බලන් ඉන්න එක කියලා දවස් ගානක්ම සාහා මට කිව්වා.
ප්‍රොෆෙසර් ට මොනවා වෙන්න ඇතිද කියලා මට හිතාගන්න බැරි උනා. මන් එහෙමම සාහා ව තියාගෙන එයාගේ ඔලුව අත ගෑව ඊට වඩා දෙයක් කරන්න මට තේරුනේ නෑ.
"අම්මා ගියා. අම්මා අපිව දාලා ගියා."
සාහා තවත් අඩනවා.මන් මොනවා කියඳ? කලින් කිසිම දවසක මේ වගේ අවස්තාවකට මන් මූන දීලා නෑ
"අඩන්න එපා."
ටික වෙලාවක් අඩලා සාහා අඩන එක නැවත්තුවා.නවත්තලා කෙලින් උනා. ඒත් එක්කම මට මතක් උනා මන් දවසක් නැගිටිනකොට මූරින් කිව්ව දේ..
ඉස්සරහ ගෙදර මල ගෙයක් වෙලා.. මන් ඉක්මනට ගිහින් එන්නම්...
එතකොට සාහා ඉන්නේ අපේ ගෙදරට ඉස්සරහා ගෙදරද?
"ඔයා ඉන්නේ අර පහල තියන කොට තාප්ප තියන ගෙදරද ?"
සාහාගේ ගෙදර හරි ලස්සනයි. ගෙදර පේන්නම තාප්ප බැදලා තිබ්බේ කොටට. මන් දවසක් ඒ තාප්ප වලින් වැඩක් නෑ කිව්වම මූරින් මට බැන්නා ඒවා තමයි ගෙවල් වලට හරියන්නේම කියලා.
"ඔව්. එහෙ ඉන්නේ."
හරි. සාහා ඉන්නේ අපේ ගෙදරට ඉස්සරහා ගෙදර.
"අයියා කෝ දැන්?."
"එයා ඉන්නවා ගෙදර?"
"එයා දන්නවද ඔයා මෙතන කියලා?"
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...