Jin'sPOV
"අම්මගේ ගෙදර යන්."
මන් කියනවත් එකක්ම මූරින් එක පාරටම බ්‍රේක් ගැහුවා. සීට් බෙල්ට් එක් තිබ්බේ නැත්තන් මන් වින්ඩ්ස්ක්‍රීන් එකත් එක්ක එලියට යන්න පුලුවන් තරමට බ්‍රේක් කරා එයා.
"කොහෙද ඔයා යන්න ඕනේ කිව්වේ?"
"අම්මා බලන්න."
මූරින් මන් දිහා වචනයක් වත් කියන්නෙ නැතුව බලන් හිටියා. මන් හිතන්නේ එයා ගොඩක් වෙලා බලන් හිටියා. පිටිපස්සේ වාහන හෝන් කරනකන් එයා මන් දිහා බලන් හිටියා.
එක පාරටම ගැස්සිලා ආයෙමත් වාහනේ ඉස්සරහට ටික දුරක් අරන් ගිහින් එයා පාර අයිනේ නතර කරා.
"ඔයාට යනන් ඕනේමද?"
"ඔව්."
"මතක නැද්ද ගිය පාර ගිහින් උන දේ?"
"ඒ අවුරුදු 3කට කලින් මූරින්. දැන් අම්මා වෙනස් වෙලා ඇති?"
"වෙනස් වෙන්න ? මොනවා වෙනස් වෙන්නද? එදා වගේම බැනලා එලවගනි. ඊට පස්සේ ඔයා ආයෙමත් ලෙඩ වෙයි. එච්චරයි වෙන්න තියෙන්නේ"
මූරින් වාහනේ ඇතුලේ ඉදන් කෑ ගැහුවත් මන් කැමති උනේම නෑ අපහු අපේ ගෙදර යන්න. මට ඕනේම උනේ අම්මලගේ ගෙදර යන්න.
"මන් එක්කන් යන්න බෑ කිව්වොත්?"
"මන් එහෙනම් ටැක්සි එකක යනවා."
මන් සීට් බෙල්ට් එකත් ගලවලා දොර ඇරන් එලියට යන්න හදද්දිම මූරින් මගේ අතින් අල්ලලා නැවත්තුවා.
"ඉන්න. මන් අරන් යන්නම්."
එතන ඉදන් අම්මගේ ගෙදර එනකන් එයා වචනයක් වත් කතා කරේ නෑ. ගෙදර පාස් කෝඩ් එක තාම වෙනස් කරලා නෑ. තාත්තා හිටපු කාලේ ඉදන් මේ වෙනකන් එකම පාස් කෝඩ් එක.
මන් බෙල් කරලා අම්මා එනකන් ඉන්නේ නැතුව ඇතුලට ගියා. මූරින් නුත් මගේ පස්සෙන් ආවා..අපිට වැඩි දුර යන්න උනේ නෑ සෝෆා එක ලගට එනකොටම අම්මා පඩිපෙල බැහැගෙන ආවා..
"මම්...."
අම්මා එක පාරටම නැවතිලා මන් දිහා ටික වෙලාවක් බලන් ඉදලා ආයෙමත් පඩිපෙල දිගේ ආවා.
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...