CHAPTER 33

616 194 38
                                    

උදේම සේජින් අන්කල් ආවා. එයා දොර ගාවින් එලියට එනවා දකිද්දිම මන් නැගිට්ටා.

"අන්කල්."

"ජින්, බය වෙන්න එපා. අද අපි ඔයාව එලියට ගන්නවා."

සේජින් අන්කල් මට එච්චරයි කිව්වේ.එයා එහෙම කියලා ඊයේ ආව ලෝයර් එක්ක තව ලෝයර් කෙනෙක් එක්ක චීෆ් ඔෆිසර් ගේ ඔෆිස් රූම් එකට යනවා මන් දැක්කා.

සේජින් අන්කල් මාව ඉක්මනට එලියට ගන්නවා කිව්වත් හවස 4 වෙද්දිත් මන් හිටියේ ලොකප් එකේ. ඇසිස්ටන්ට් කෙනෙක් කෑම ගෙනත් දුන්නත් මන් කෑම දිහා බැලුවේ වත් නෑ.

සේජින් අන්කල් චීෆ් ඔෆිස් එකටයි එතනින් එලියට්යි යන එන පාරක් ගානේ මන් හිතුවේ මාව එලියට ගන්න එනවා කියලා.

දවස තිස්සෙම ඒක හිතලා අන්තිමට මන් මටම කියාගත්තා

වැඩක් නෑ.
අදත් ඉන්න වෙන්නේ මේ අපායේ තමයි
කියලා.

එහෙම හිතලා මන් ආයෙමත් බිමින් වාඩි උන ගමන් සේජින් අන්කල් ඔෆිසර් කෙනෙක් එක්ක ඇවිල්ලා මාව එලියට ගත්තා.

"අපි යන් ගෙදර."

සේජින් අන්කල් එක්ක මන් එලියට ආවා.මීඩියා වලින් ප්‍රශ්න අහනවා.

"ඔයා ඒක කරාද?"

"සොන්හා එක්ක තිබ්බ සම්බන්දය මොකක්ද?"

"කොච්චර කල් සොන්හාට මේ දේවල් කරාද?"

මන් තවත් ඉස්සරහට යන්නේ නැතුව නැවතුනා. මට ඒ රිපොර්ටර් ව මරන්න තරම් කේන්තියක් ආවේ.

මන් නැවතුනාට සේජින් අන්කල් මාව බලෙන් අල්ලගෙන ගිහින් වාහනයට දැම්මා.

"කිසි කලබලයක් කරන්න එපා ජින්."

සේජින් අන්කල් වාහනයට නැගලා මට කිව්වා. අපි අපාර්ට්මන්ට් එකට එනකොට අනිත් හැමෝම ලිවින්ග් රූම් එකට වෙලා හිටියා. මාව දැකලා හැමෝම නැගිට්ටේ මන් එනකන් බලාගෙන හිටපු අය වගේ.

"හ්යුන්ග්"

"ජින් හ්යුන්ග්."

"හ්යුන්ග්. "

මට එයාලට මූන දෙන්න ලැජ්ජාවක් තිබ්බේ .....මන් දවසක් ලොකප් එකේ හිටපු කෙනෙක්. මන් එයාලට බ්ලැක් මාර්ක් එකක් දුන්න කෙනෙක්. මන් බිම බලාගෙන කාමරේට ගියා. ඒ යනකොට එතන හිටියේ මූරින්.

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now