CHAPTER 29

599 196 38
                                    

Jin's pov



මන් ෆෝන් එක අතට ගත්තේ එලාර්ම් එක තියන්න. එතකොට දැක්කේ හන්සූගේ මැසේජ් එක.

අයියට පුලුවන් නම් රෝස් ගාර්ඩ්න් එන්න.

හන්සූ.

හන්සූ මැසේජ් එක දාලා තියෙන්නේ 7ට මන් ඒක දැක්කේ 10ට. සේජින් අන්කල්ගෙන් අහ අහ හිටියොත් යන්න වෙන්නේ නැති හන්දා මන් එයාට හොරෙන් එලියට ගියා.

යන ගමනුත් කල්පනා කරේ හන්සූ ඉදීද නැද්ද කියලා. මොකද මන් ගොඩක් පරක්කු වෙලා මැසේජ් එක දැක්ක නිසා.

ඒත් මන් යනකොටත් හන්සූ වාඩි වෙලා හිටියා වෙනද ඉන්න තැනම.

🙋‍♀️"ජින් අයියා. "

මන් හන්සූ ලගට ගියාම දැක්කා හන්සූගේ පෙන්ඩන්ට් එක..එයා ඒක දාගෙන ඉන්නවා තාමත්.

🙎‍♂️"ඇයි හන්සූ හදිස්සියක්ද?"

🙋‍♀️"මන් අයියට කරදර කරනවද ?"

🙎‍♂️"නෑ.නෑ අද නිවාඩු තිබ්බේ කොහොමත්."

🙋‍♀️"අයියා."

🙎‍♂️"ම්ම්.."

🙋‍♀️"ජන්ග්කුක් අයියා ආවා."

🙎‍♂️"ආවා? "

🙋‍♀️"ඔව්. උදේ ආවේ. ඇවිල්ලා හවස් වෙනකන් හිටියා. එයා සමාව ඉල්ලුවා. එයා වැරැද්දක් කරා කියලා එයා පිලි ගත්තා."

🙎‍♂️"ඊට පස්සේ?"

🙋‍♀️"ආයේ කලින් වගේ දෙයක් කරන්නේ නෑ කියලා මට කිව්වා එයාට සමාව දෙන්න කියලා. "

🙎‍♂️"ඉතින් ඔයා සමාව දෙනවද? "

🙋‍♀️"මන් ඒක අහන්න තමයි අයියට කතා කරේ. මට පුලුවන් සමාව දෙන්න..ඒත් මට බයයි කලින් වගේ වෙයි කියලා."

🙎‍♂️"හ්ම්ම්ම්. හන්සූට හිතෙන්නේ මොකක් කරොත් හරි කියලද? "

🙋‍♀️"මට මොකුත් හිතෙන්නෙ නෑ අයියා. ඒත් මන් එයාට තාමත් ආදරේ නිසා ... අනේ මන් දන්නේ නෑ අයියා. "

🙎‍♂️"හන්සූට හොදයි කියලා හිතෙන දෙයක් කරන්න හන්සූ."

🙋‍♀️"අයියට මේ වගේ දෙයක් උනා නම් අයියා මොකද කරන්නේ.?"

🙎‍♂️"එක පාරක් සමාව දෙනවා. ඒත් ඒකම ආය ආය කරනවා නම්.... මන් අත ඇරලා දානවා. "

TEARS  |  Jin Centric  |  Completed Tempat cerita menjadi hidup. Temukan sekarang