කාමරේ දොර ඇරගෙන ඇතුලට ආවේ මම කාටවත් මුහුන දෙන්න බැරි හන්දා. ඒත් මට මන් ගැනම ලැජ්ජවක්. මන් ගැනම පසු තැවීමක් ආවා.
මන් ආයෙමත් ගිහින් නම්ජූන් ගෙන් සේජින් අන්කල් ගෙන් අනිත් 5 දෙනාගෙන සමාව ඉල්ලුවා.
"මට සමාවෙන්න මන් හන්දා ඒ හැමදෙයක්ම."
"නෑ ජින් හ්යුන්ග්. ඔයා සින්ග් කරන්න ඕනේ කියද්දි මමයි නැවැත්තුවේ. හ්යුන්ග් නෙවේ එක නැවත්තුවේ."
නම්ජූන් කියනකොට සේජින් මගේ ලගට ඇවිල්ලා පිටට තට්ටුවක් දාලා ගියා
"එවුරි තින්ග් විල් බී බෙටර් සූන් ජින්."
ජින් අන්කල් මන් පොලිස් ලොකප් එකේ ඉදලා එද්දිත් කිව්වේ එකම තමයි. ඒත් දැන් මාස තුනක් ගිහිල්ලත් තාම මේ ප්රශ්නේ විසදුනේ නෑ.
මට තිබ්බ එකම බය කම්පනි එකේ කවුරුත්, ටොප් මැනේජ්මන්ට් කවුරුත් මාත් එක්ක මේ ප්රශ්නේ ගැන තාම කතා කරේ නැති එක. සමහර විට ටික කාලයක් බලල එයාලා මට තීරනයක් ගන්න දෙයි. එක්කො අයින් වෙන්න කියයි
දැන්ම ඉදන්ම ඒකට හිත හදා ගන්න එක හොදයි කියල මට හිතුනා. මන් කාමරේට ආවේ මේ දේවල් ඔලුවෙන් අමතක වෙන්න නිදගන්න කියලා.
ඒත් මන් දන්නේ නෑ ඇයි කියලා නිදිමතක් මගේ ලග තිබ්බේම නෑ. පිල්ස් ගත්තත් මට නින්ද යන පාටක් තිබ්බේ නෑ.මන් එහාට මෙහාට පෙරලි පෙරලි හිටියා ගොඩක් වෙලා යනකන්. එලියට යන්න හිතුනත් ජන්ග්කුක් නිදි නැතුව හිටපු හන්දා මන් ඒ අදහස අත් ඇරගත්තා.
අනිද්දා හන්සූ ගේ උපන්දිනය. හන්සූට වයස 25ක් දැන්.
මට හන්සූව හම්බෙනකොට වයස 18යි එයාගේ. කොච්චර කාලයක් එයා අපිත් එක්ක හිටියද කියන එක මට පුදුමයක්.
හොද දේවල් නරක දේවල් හැම්දේම එයා දරාගත්ත හැටි.
ජන්ග්කුක් වෙනස්කම් කරනකොට එව්වා ඉවසපු හැටි. ඒ දේවල් මන් උනා නම් මන් කොහොම කරයිද කියලා මන් කල්පනා කරා. ඒත් හන්සූ කියන්නේ ගොඩාක් ශක්තිමත් කෙනෙක් කියලා විතරක් මට අන්තිමේදි හිතුනා.
-ඊලගෙ ආත්මේ මන් ඔයාට කලින් ඉපදෙනවා ජන්ග්කුක්. ඊලග ආත්මෙදි මන් හන්සූ ව ඔයාට දෙන්නේ නෑ.-
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...