"හ්යුන්ග් අද අපි පාර්ටි එකක් දාමුද?"

පාර්ටි. මොන පාර්ටිද? මගේ රෑ කෑම එක කාලා තව පාර්ටිත් ඉල්ලනවා.

"ජින් හ්යුන්ග් කිව්වෙ නෑනේ මූරින් හ්යුන්ග් එනවා කියලා."

ඇයි එනවා කිව්වා නම් තව ටිකක් කලින් ඇවිත් මෙතන කඩාකප්පල් කරන්නද?

"හ්යුන්ග්. ඇයි වාඩි වෙන්නේ නැද්ද?"

කාමරේ තියෙන්නේ පුටු 2යි සෝෆා එකයි. තමුන්ලා පුටුයි සෝෆා එකයි ඇදයි ඔක්කොම ගත්තම මන් බිම වාඩි වෙන්නද?

මන් ඒ එකක් වත් කිව්වේ නෑ. මන් ඒ ඔක්කොම හිතෙන් හිතුවා විතරයි. මගෙ කෑම එක කෑව එකේ තරහා මගේ ලේ වලත් උඩු දිව්වා.

"හ්යුන්ග් හෙට ශෝ එකත් කැන්සල් එකේ අපි..."

"හෙට මොකක්ද කැන්සල්?"

ඒ පාර නම් මන් කතා කරා. හෙට කැන්සලේශන් එකක් ගැන මන් දැනුවත් වෙලා හිටියේ නෑ

"ඇයි හෙට ශෝ එක කැන්සල්."

ජන්කුක් මන් අහපු දේට උත්තර දීලා අයේ කියවන්න පටන් ගත්තා.

"හ්යුන්ග් හිටියේ නෑනේ. හ්යුන්ග් ස්ටේජ් එකෙන් ගියාට පස්සේ නම්ජූන් හ්යුන්ග්....."
නම්ජූන් ජන්ග්කුක්ට ගැහුවා.

"ඇයි ගහන්නේ ආහ්. අපේ හ්යුන්ග් වැරද්දක් කරේ නෑනේ...."

කට්ටිය එක එක ඒවා කියලා නවත්තන්න හැදුවට ජන්ග්කුක් කියවගෙන ගියා ඔහේ.

මට තේරුනා වෙලා තියන දේ. මන් ගියාට පස්සේ නම්ජූන් අනවුන්සම්න්ට් එකක් දෙන්න ඇති හෙට ශෝ එක කැන්සල් කියලා. ඒත් අනිද්දා ශෝ එක තියනවානේ.

12 විතර වෙනකන් කට්ටිය මාත් එක්කයි මූරින් එක්කයි කතා කර කර හිටියා. එයාලා ගිය ගමන් මූරින් මගෙන් රහසින් ඇහුවා එයාලා ආයෙ එනවද කියලා.

"එයාලා ආයේ එනවද? "

"නෑ."

මන් නෑ කිව්ව ගමන් මූරින් ෆෝන් එක අරන් රූම් සර්විස් එකට කතා කරලා කෑම ඔර්ඩර් කරා.

අපි පාන්දර වෙනකන් කෑම කකා ඉදල නිදා ගන්න ආවා.

"මන් ඔයා හන්දා විදින දුක මන් විතරයි දන්නේ."

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now