සේජින් අන්කල් කියලා ඉවර වෙනවත් එක්කම ජන්ග්කුක් ටෑයුන්ග් කට්ටිය ආවා දොර ඇරගෙන.

"හ්යුන්ග්"

"ජින් හ්යුන්ග්"

මට ලැජ්ජාව ඉවසගන්න බැරි උනා
මම පොලිසියක පස් පාගලා වත් නෑ. අපි මියුසික් වීඩීයෝ වලට උනත් පොලීසියක වීඩියෝ එකක් කරන්න උනාම අපි කරන්නේ රූම් එකක් ඩිසයින් කරලා ගන්නවා පොලිස් ස්ටේශන් එකක් වගේ

මට මේ වගේ දේවල් පුරුදු නෑ.මන් බයටම එතන තිබ්බ පුටුවකින් වාඩි උනා

"චීෆ්..ජින් කැමත්තෙන් එනවා..එයාට ඕවා මොකුත් ඕනේ නෑ."

"ජින්..පුතා අපි යන්."

සේජින් අන්කල් මාව නැගිටේව්වා. මන් ඇවිද්දට ඇවිද්දා. අපි ස්ටූඩියෝ එකෙන් එලියට එද්දි මීඩියා වලින් පොලිස් කාර් එක වට කරගෙන හිටියා.

මන් ඉස්සරහා බලන්නේ නැතුව මගේ ශූස් දිහා බලන් ගියා.

මගෙ ශූ එක කැත වෙලා.

ලේස් එකත් ගැලවෙන්න ඔන්න මෙන්න.

අලුත් දෙකක් ගන්න ඕනේ.

මේ දෙක දැන් අවුරුදු කීයක් දැම්මාද කියලා මතක නෑ.

අඩි දෙකයි තුනයි ස්ටූඩියෝ එකේ ඉදන් පොලිස් කාර් එකට තිබ්බේ. ඒත් මන් ඒ ටික වෙලාවේ මගේ ශූස් වල අතීතයම හිත හිත ආවා.

පොලිස් කාර් එකටසේජින් අන්කල් මාව නග්ගලා ගියා.

"අන්කල්.?"

"මන් එන්නම් පිටිපස්සෙන් බය වෙන්න එපා.."

මීඩියා එකේ කට්ටිය කෑ ගැහුවත් එක එක ඒවා කියලා මන් ඒවා ඇහෙන්නේ නෑ වගේ හිටියා. පොලිසියට එන්න විනාඩි 10ක් ගියේ නෑ. ඒත් ඒ වෙලාව පැය 10ක් වගේ මට දැනුනේ..මගේ එහා පැත්තේ හැන්ඩ්කෆ්ස් තියාගෙන චීෆ් ඔෆිසර් ඉන්නවා දකින කොට මට ආව බය මන් විතරයි දන්නේ

මන් පොලිසියට යනකොට සේජින් අන්කල් දොර ලග ඉන්නවා. එතනත් මීඩියා එකෙන් හිටියා. සේජින් අන්කල් මාව අමාරුවෙන් මීඩියා රිපොර්ටර්ස්ලා මැදින් පොලිස් ස්ටේශන් එක ඇතුලට අරන් ගියා.. මන් දොරෙන් ඇතුලට ගිය ගමන් එලියේ මීඩියා වල සද්දේ නැතුව ගියා. චීෆ් අපිව එයාගේ ඔෆිස් එකට අරන් ගියා.

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now