"මන් ගන්නෙ නෑනේ කොහොමත්.ඔයා ඒක දන්නවනේ මූරින්.."

"මන් හිතුවේ දැන් ගන්නවා කියලා.."

"පිස්සුද.මට ඔවා පේන්න බෑ."

"ඔයාට ගන්න හිතුනොත් මතක් කරගන්න හොද නෑ කියලා..හරිද."

මූරින් එක්ක මන් කතා කර කර ආවට එයා කිව්වෙම ඇල්කොහොල් ගැන විතරයි.

"ඔයා ඇල්කොහොල් අරන්ද ඉන්නේ මූරින්."

"ඇයි? "

"නෑ ඇල්කොහොල් ගැනම කියවන හන්දා ඇහුවේ. "

"නෑ මන් අරන් ....."

එක පාරටම මන් දැක්කා පාර මැද්දට ගෑනු ලමයෙක් පනිනවා. මන් ඉක්මනට බ්‍රේක් කරා.

"ඇයි?"

මූරින් මන් දිහා බලන් ඇහුවා.

"ගැනු ලමයෙක්...."

මන් ඉක්මනට වාහනෙන් බැහැලා ගිහින් බැලුවා කාට හරි මොකක් හරි වෙලාද කියලා. ඒත් කවුරුත් හිටියේ නෑ පාරේ. රෑ 11 විතර හන්දා වාහනත් අඩුවෙන් ගියේ.

"ජින් මොකද උනේ."

"කවුරු හරි වාහනයට පැන්නා."

"නෑ කවුරුත් පැන්නේ නෑ. "

"නෑ නෑ. මන් හොදටම දැක්කා මූරින්. කවුරු හරි පැන්නා.."

මන් වට පිට බලන්කොට මූරින් මගේ ඉස්සරහට ඇවිල්ලා මගේ ඇස් දිහා බලන් කතා කරා.

"කවුරුත් වාහනයට පැන්නේ නෑ ජින්. මන් ඉස්සරහා බලාගෙන ආවේ.කවුරුත් පැන්නේ නෑ "

"එත්....."

"කවුරුත් නෑ."

"එහනම් මන් වෙන කල්පනාවක හිටපු හන්දා වෙන්නති. "

"අපි යන් වාහනයට. එලියේ සීතලයි."

මූරින් මාව වාහනයට දාල එයා ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා.

"ඔයා මගේ ලෙක්චර් එක අහන් ඉන්න බැරිකමට බොරුවක් කිව්වා නේද."

මූරින් වාහනය එලවන ගමන් මගෙන් ඇහුවා. ඒත් මට හොදටම විශ්වාසයි මන් මොකක් හරි දැක්කා කියලා. මට මගේ ඇස් විශ්වාසයි.මූරින් මාව අපාට්මන්ට් එකෙන් දැම්මා.

TEARS  |  Jin Centric  |  Completed Opowieści tętniące życiem. Odkryj je teraz