"හ්ම්ම්. ඔයාට දුකක් නැද්ද? හිතේ පොඩ්ඩක් වත් අවුලක් නැද්ද?"
"නෑ මූරින්. ඔයා දන්නවනේ. ජන්ග්කුක් නිකන් මට පෙන්නේ සොක්ජන්ග් වගේ. මට මතක් වෙනවා සොක්ජන්ග් නෙවේ ඒ ජන්ග්කුක් කියලා. ඒත් ඒ වෙලාවට මන් හිත රවට්ට ගන්නවා ඒ සොක්ජන්ග් කියලා. මට ඒ හන්දා දුකක් වත් ඉරිසියාවක් වත් නෑ. අනික ජන්ග්කුක් හන්සූව හිදට බලාගනී කියලත් මට විශ්වාසයි.."
"ග්‍රේට්."
මූරින් මගේ පිටට තට්ටු කරන ගමන් කිව්වා.
මූරින්ට මගේ ඔලුවේ තිබ්බ හැමදේම කිව්වට පස්සේ මට නිකන් හම්බුනේ ලොකු නිදහසක් වගේ දෙයක්. මට කියන්න තේරෙන්නේ නෑ. මගේ ඔලුව ඔක්කොම ප්‍රශ්න වලින් නිදහස් උනා කියලා හිතුනා.
මූරින්ට ගෙදර යන්න කියලා මන් ආයෙමත් ගියේ ජන්ග්කුක්ගේ රූම් එකට. මන් යද්දි හන් සූ නැගිටලා හිටියා.
"ගුඩ් මෝනින්."
"ගුඩ් මෝනින් අයියා. සොරි මන් ඊයේ කරදර කරා නම්.."
"නෑ. කිසි කරදරයක් නෑ."
"කුකී අයියා මට නම්බර් එක දීලා තිබ්බේ අයියාගේ හදිසියක් උනොත් ජින් අයියට කතා කරන්න ඕනේ වෙලාවක කියලා. මට ඒක මතක් වෙලා ගත්තේ."
"මට කරදරයක් නෙවේ හන්සූ ඒක."
"හ්ම්ම්. මන් උදේ වෙනකන් මෙතන හිටියොත් ප්‍රශ්නයක් වෙයිද ? කම්පනි එකේ කට්ටිය ආවොත්?"
"නෑ. එහෙම ගානක් නෑ. ගොඩක් අය එන්නේ නෑ."
ඒත් එක්කම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා ජන්ග්කුක්ගේ අම්මගෙන්. ජන්ග්කුක්ගේ අම්මා දැනගෙන තියෙන්නේ පාන්දර. එයා හොදටම බය වෙලා එන්න අහනවා. මන් පැහැදිලි කරලා දුන්නා එන්න තරම් ලොකු අමාරුවක් ජන්ග්කුක්ට නෑ කියලා.
අන්තිමට මන් කිව්වා දෙයින් සෑහීමට පත් වෙලා ජන්ග්කුක්ගේ අම්මා එන්න ඔනේ නම් කෝල් එක්ක දෙන්න කියලා කිව්වා. මන් ෆෝන් එක ස්ටූල් එක උඩින් තියද්දි දැක්කේ මන් බෙහෙත් බිව්වේ නෑ කියලා.ඒ විතරක් නෙවේ හන්සූ ඒක දැක්කා කියලා දැක්කම මට ලැජ්ජවක් හිතුනා.
"අයියා ඇයි ස්ලීපින් පිල්ස් ගන්නේ?"
"නින්ද යන්න.."
YOU ARE READING
TEARS | Jin Centric | Completed
Fanfictionමම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්. • මම මානසික රෝගියෙක් • මම මගේ හීනේ අත ඇරපු කෙනෙක් • මම පවුලෙන් අත ඇරපු කෙනෙක් • ඒත් මන් දැන...
CHAPTER 20
Start from the beginning