විනාඩි 20ක් විතර ගියාම මන් දැක්කා ජන්ග්කුක් සාහා එක්ක එනවා.. වෙරි ෆස්ට් ඩේට් එක ජන්ග්කුක්ගේ.

ඇත්තටම ඒ දෙන්නා ලස්සන කපල් එකක්. සාහා චූටියි ලස්සනයි.. ජන්ග්කුක් උසයි ලස්සනයි.. ඇත්තටම ලස්සනට මැච් වෙනවා දෙන්නම්.

ජන්ග්කුක් ඇවිල්ලා දොර ඇරලා මට ෆෝටෝ එකක් අරන් දෙන්න පුලුවන්ද ඇහුවා.

"හ්යුන්ග්. ෆොටෝ එකක්.."

මන් වාහනෙන් බැහැලා ගිහින් ෆොටෝ එකක් ගන්න හැදුවත් ෆොටෝ එක ලස්සනට ආවෙ නෑ කලුවර හන්දා.

"අතනට යන්. එතනට හොදට එලියයි.."

මන් කියද්දි සාහා නැවතුනා.

"මට ජින් අයියාගේ වොයිස් එක අහලා පුරුදුයි."

"සූ...මුලු කොරියාවටම ජින් හ්යුන්ග් ගේ වොයිස් එක පුරුදුයි."

සාහා කියද්දි මන් තව කතා කරන එක අඩු කරන්න ඕනේ කියලා මට හිතා ගත්තා. මන් ගිහින් ෆොටෝස් 4ක් අරන් දුන්නා..

"හ්යුන්ග් ඒක නම් ලස්සනයි."

"වාව්"

"තැන්ක් යූ ජින් අයියා."

සාහා කියද්දි මන් වෙල්කම් කිව්වේ නෑ මාව එයාට මතක් වෙයි කියලා. මන් ඔලුව පාත් කරලා ඒයාගේ වෙල්කම් එක දුන්නා.

මන් කතා කරේ නැත්තේ මට බය හිතුනා ජන්ග්කුක් දැනගත්තොත් මන් සාහා ව කලින් දන්නව කියල එයාගේ රියැක්ශන් එක මොනවගේ වෙයිද කියලා. මන් අපි ආපහු අපාර්ට්මන්ට් එකට එද්දි වත් සාහා ගැන ඇහුවේ නෑ.

"සූට පහු ගිය දවස් ටිකේ කරදර ගොඩක් උනා..ඒ හන්දා කතා කරන්න බැරි වෙලා තියෙන්නේ."

"හ්ම්ම්.."

"සූගේ අම්මා ප්‍රොෆෙසර් කෙනෙක්. ප්‍රොෆෙස ශාමා. දන්නවද? "

"ඔව්."

"හ්යුන්ග් සූ හොදයි වගේ නේද? කතා කරනවා හොදට අනික ගොඩක් හොදට ඉගෙන ගන්නත් පුලුවන්. "

"හ්ම්ම්."

"හ්යුන්ග් සූ...."

මන් වෙන මොකුත් ජන්ග්කුක් කියන්න කලින් වාහනය බ්‍රේක් කරා.

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now