"කිම් සියොක් ජින් අපේ ඇවීඑශන් ස්කූල් එකේ හිටියේ"

"එයාට ට්‍රේන් කරේ මම."

ඉන්ටර්විව්ස් ගොඩක් තිබ්බා. සමහර අය මන් දැකලා තිබ්බාත් එතන හිටපු ගොඩක් අය මන් දන්නේ වත් නැති අය. ඒත් එක එක කතා කියලා තිබ්බා. සමහර ඒවා ඇත්තා සමහර ඒවා බොරු.

"ඔයා ඔය වගේ ඒවා බලන්නෙ නැතුව ඉන්න එක තමයි හොදම දේ"

නම්ජූන් මගේ ලගින් ඇවිල්ලා වාඩි උනා.

"හ්ම්ම්."

"මිනිස්සු කතා හද හද කියයි. ඔයා ගනන් ගන්න එපා. "

"හ්ම්ම්.."

"ඔයාට මන් මේවා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ හ්යුන්ග්. ජිමින්ගේ ප්‍රශ්නෙටත් ඔයානේ උදව් කරේ. "

ජිමින් එක පාරක් ෆෑන් මීටින් එකේදි ගෑනු ලමයෙක්ගෙ අත අල්ලලා ඒක වයිරල් ගිහින් අන්තිමට මාස 2ක් විතර යනකන් අපිට ශෝව්ස් කැන්සල් කරලා එලියට යන්නේ නැතුව ඉන්න උනා.
ඒ වෙලාවෙ මන් ජිමින් ලගින් ඉදලා හැමදේම කරලා දුන්නේ.

කට්ටියම ලෑස්ති උනේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකට. මට එතන ගිහින් කියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව හිටියේ. ඒත් සේජින් අන්කල් මට ඉගැන්නුවා කියන්න ඕනේ දේවල්. මම විතරක් කතා කරත් අනිත් 6 දෙනා ඇවිල්ලා හිටියා මගේ සපොර්ට් එකට..

"මිස්ටර් සියොක්ජින් ඇත්තද මේ කතාව?"

'ගුඩ් ඊවිනින් එවුරිවන්.
ඔව්. ඒ කතාව ඇත්ත. පහු ගිය නොවෙම්බර් 26 වෙනිදා අපි අපේ වර්ල්ඩ් ටුවර් එකට ලොස් ඇන්ජලීස්ස් ගියා. යුනයිටඩ් එයාලයින්ස් එයාර්බස් 220 ෆ්ලයිට් එකේ අපි ගියේ. ඒකේ ඇති උන හදිස්සි අවස්තාවකදි තමයි මන් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරේ. "

"මිස්ටර් ජින් එතන මොකද උනේ?"

"එතන පයිලට්ස් ලා දෙන්නම අසනීප වෙලා තිබ්බේ. පරීක්ශන වලින් පස්සේ කියලා තියෙන්නේ කවුරු හරි හිතා මතා මේ දේ කරලා තියනවා කියලා. ඒ ගැන ඔයාලට මාද්යට නිකුත් කරන පොලිස් වාර්තා වලින් දැන ගන්න පුලුවන් "

"මිස්ටර් ජින් ඔයා පය්ලට් ට්‍රේනින්ග් එක ගත්තා කියන්නේ ඇත්තද?"

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now