මට හිතාගන්න බෑ හෝසෝක් එහෙම දවස තිස්සේ කොහොම කියවනවද කියලා. දැනටමත් මගේ කට රිදෙනවා.
මන් ඉස්සෙල්ලම ගිහින් බුෆේ එකෙන් කෑම අරන් වාඩි උනා..

"යාහ් මට ඩ්‍රම්ස්ටික් නෑ.."

අන්තිමටම කෑම බෙදාගත්ත ජන්ග්කුක්ට එයා ආසම කෑම නැති උනා..

"හහ් හහ්."

"ජන්ග්කුක් ඒකට තමයි කියන්නේ ඉක්මනට එන්න කියලා."

ජිමින් ජන්ග්කුක්ට කෑ ගහලා කියද්දි එයා චිකන් ගන්නෙත් නැතුව මගේ ඉස්සරහින් ඇවිල්ලා වාඩි උනා.

"ඇයි ඩ්‍රම්ස්ටික් ම.?"

"අනිත් ඒවත් ඒ වගේම කුකුලාගෙන් තමයි එන්නේ."

යුන්ගී ජන්කුක්ට විහිලු කරාම ජන්කුක් යුන්ගිට ඇද කරලා කන්න ගත්තා..
මන් මගේ එකේ තිබ්බ ඩ්‍රම්ස්ටික් එක ජන්කුක්ගේ ප්ලේට් එකට දැම්මා..

කවුරුත් දැක්කේ නෑ කියලා හිතුවට හැමෝම කන එක නවත්තලා මන් දිහා බලන් ඉද්දි මන් ඇයි කියලා අහන් මූඩ් එකකින් එයාලා දිහා බලන් හිටියා

"යාහ්හ්හ්හ්.ඔයා ඇයි කුකියට ඔච්චර ආදරේ. ඔයා හැමදේම දෙන්නේ එයාට විතරයිනේ."

ටෑයුන්ග් කෑ ගැහුවා මුලු හෝල් එකටම ඇහෙන්න. හොද වෙලාවට හෝල් එකේ කොරියන් දන්න අය ඇත්තෙම නැති තරම්.

"ඔයාට මට ඉරිසියා කරන්නේ නැතුව ඉන්න ටේ."

ජන්කුක්ට කියාගන්නත් බෑ කටේ පුරවන් ඉන්න කෑම ගොඩ හන්දා ඒත් එයා කෑ ගැහුවා..

"ඇත්ත ජින් හ්යුන්ග්. ඔයා අපිට තමයි මොකුත් කරන්නේ නැත්තේ."

මට කතා කරන්න කම්මැලිකමට කට වහගෙන ඉන්නවා මිසක් මට මුල ඉදල අග වෙනකන් 100කට වඩා දේවල් කියන්න පුලුවන් මන් ජිමින්ට උදව් කරපුවා. කට අරින්න කම්මැලී නිසා හිනා වෙලා කන්න පටන් ගත්තා..

"ඔයාලට ඉරිසියයි. හ්යුන්ග් මට ආදරෙයි ගොඩක්..නේද?"

ජන්කුක් මගේන් අහද්දි මන් මොකුත් නොකියා ආයෙත් කන්න පටන් ගත්තා.

"හහ් හහ් හහ්."

"ජින් හ්යුන්ග් මොකුත් කිව්වෙ නෑ"

TEARS  |  Jin Centric  |  Completed Where stories live. Discover now