නම්ජූන් මට කොච්චර කිව්වත් මාත් වෙනස් කරේ නෑ අදහස.

"කමක් නෑ."

මගේ දිහා ටික වෙලාවක් පුදුමයෙන් වගේ බලන් ඉදලා ඔලුව වන වන නම්ජූන් එලියට යනවා බලන් ඉදලා මන් අන්තිමට නැගිටලා මගේ රූම් එකට ගියා.

..............................................................

මම කිම් සියොක්ජින්. මම BTS බොයිබෑන්ඩ් එකේ වැඩිමල්ම සාමාජිකයා. මට වඩා බාල අය තව 6ක් හිටියා. ඒකෙන් පොඩිම කෙනා ජියොන් ජන්ග්කුක්. මගේ අවුරුදු 4ක ඉදන් රූම් මේට්.

• මම මානසික රෝගියෙක්
• මම මගේ හීනේ අත ඇරපු කෙනෙක්
• මම පවුලෙන් අත ඇරපු කෙනෙක්

• ඒත් මන් දැන් ලෝකයක් ආදරේ කරන ගායකයෙක්.....

මන් ලෝකෙට පෙන්නන මූනට වඩා වෙනස් මූනක් මගේ ගෲප් එක මගෙන් දැක්කේ....

මගේ ගෲප් එක මගෙන් දකින මූනට වඩා වෙනස් මූනක් මගෙ රියලිටි එක.....

.................................................................

ෆෝන් එක අරගෙන වෙලාව බැලුවම මට තේරුනා නිදාගන්න වෙලාව හරි කියලා. ෆෝන් එක ආයෙමත් බෙඩ් කබ්ඩ් එක උඩට දාලා නිදා ගන්න කලින් ස්ලීපින් පිල්ස් 2ක් බොනකොටම ජන්කුක් ආවේ ටෑයුන්ග් එක්ක රන්ඩු කර කර.

"මට ඕනේ නෑ. ඔයා කතා කරන්න එපා මාත් එක්ක."

ජන්කුක් එයාගේ පස්සෙන් එන ටෑයුන්ග්ට බැනලා හයියෙන් දොර වැහුවා.

"නිදා ගන්න. උදේම ෆ්ලයිට් එක."

මන් ජන්කුක්ට කියලා මගේ ඇදට ගියේ නිදාගන්න කියලා හිතා ගන්න.

"ජින් හ්යුන්ග්?."

"ම්ම්ම්."

"අපේ අම්මා කතා කරාද ඔයාට?"

"නෑ."

"මට මිස් කෝල් 4ක් තියනවා."

"එහෙමද?"

"ඔව්. මන් ආන්ස්වර් කරේ නැති උනාම වෙනදට ඔයාට ගන්නවනේ. අද ගත්තේ නැද්ද?"

"නෑ."

"හෙටම කතා කරනවා. හදිස්සියක් නෙවේ වෙන්නැති."

"දැන් අරන් ඉන්න කෝල් එකක්."

මන් නිදාගෙන හිටියත් ජන්කුක්ගේ පැත්ත හැරිලා ජන්කුක්ට කිව්වේ මොනවා උනත් අම්මා කෙනෙක් නේ කතා කරේ කියලා හිතලා.

TEARS  |  Jin Centric  |  Completed Opowieści tętniące życiem. Odkryj je teraz