He is gone

248 33 0
                                    

Mr. Savage
He is gone
( part 31)

............................................................

" අනේ ජූන්.. ඉක්මනට එන්නකෝ.. "

උදේ පාන්දරම ජන්කුක්ගේ කාමරේට ගිය ජින් බයවෙලා යටිගිරියෙන් කෑගහනවාත් එක්කම වීදුරුවක් බිදෙන සද්දෙට ගැස්සුනු අප්පා එක්ක සාලේ ඉදන් කතා කර කර හිටිය ජූන් අඩියට දෙකට දෙවනි තට්ටුවේ කෙලවරක තියෙන ජන්කුක්ගේ කාමරේට දුවගෙන ආවා. ජූන්ගේ පස්සෙන් අප්පාත් එද්දි තවම ඔෆිස් ගි‍යේ නැති ටේහ්‍යුනුයි ඔම්මායි දෙන්නත් එතනට දුවගෙන ආවේ කාටහරි කරදරයක්ද කියලා බලන්න.

" ඇයි ජිනී මොකද්ද උනේ?? "

ජින්ට කරදරයක් කියලා හිතපු නැම්ජූන් බාගෙට වැහිලා තිබ්බ ජන්කුක්ගේ කාමරේ දොරටත් විසික් වෙලා යන්න තරම් හයියෙන් පාරක් ගහලා කලබලෙන් කාමරේට ආවා. නැම්ජූන් එනකොට එයා දැක්කේ කාමරේ තිබ්බ මේඑ ලග දනගහගෙන කොලයක් පපුවට තුරුල් කරන් ඉකිගගහා අඩන ජින්වයි.

" මොකද්ද උනේ පැටියෝ?? "

බිදිලා තිබ්බ වීදුරුවුඩින් පරිස්සමට පැනලා ජින් ලගට ගිහින් ජින් ලගින්ම දණගහගත්තු නැම්ජූන් ජින්ව තුරුල් කරගන්න ගමන් ඇහුවත් ජින්ගේ කටින් ඒ වෙලාවේ වචන පිට උනේ නෑ. ඒ නිසා ජින් එයාගේ අතේ තිබ්බ කොලේ නැම්ජූන්ට දීලා තවත් නැම්ජූන්ට තුරුලු වෙලා ඇඩුවා.

" නැම්ජූන් ඇස් දෙක හීනි කරන් කොලේ කියවන්න ගත්තාත් අවසානෙට එද්දී ජූන්ගේ ඇස් ලොකු උනා. ඒ අතරේ අප්පා හෙව්වෙ ජන්කුක්ව. කාමරේ ජන්කුක් නැති තැන බාත් රූම් එකේ බැලුවත් ජන්කුක් එතන හිටියේ නා.

" පුතා.. ජන්කුක් පුතාගේ ඇදුම් එකක්වත් මෙතන නෑ! "

ක්ලෝසට් එක ඇතලට බෙල්ල දාපු අප්පා එහෙම කියද්දි නැම්ජූන් කොලේ දිහාම බලාගෙන අප්පාට කතාකලා.

" අප්පා.. එයා මෙහෙ නෑ.."

ජූන් එහෙම කිව්වාම අනිත් තුන්දෙනාගේ ඇස් ලොකු උනා. ඔව් ටේහ්‍යුන්ගේ පවා. ඒත් එයා ඒක කාටවත් පෙන්නුවේ නෑ.

" නෑ කිව්වේ පුතා? "

අප්පා එහෙම අහද්දි අඩන ජින්වත් තුරුලුකරගෙන බිමින් නැගිට්ට ජූන් එයාගේ අතේ තිබ්බ කොලේ අප්පාගේ අතට දුන්නා.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now