පරණ ජන්කුක්ව ගෙනත් දෙන්න

272 39 0
                                    

Mr. Savage
පරණ ජන්ගුක්ව ගෙනත් දෙන්න
(Part 8)

.....................................

අදට ජන්ගුක්ව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරලා සතියක් වෙනවා.

ඒ වගේම ජන්ගුක් ටේහ්‍යුන්ගේ ප්‍රයිවට් සෙකට්‍රි විදිහට පත් වෙලා දවස් 3යි.

එයා කලින් හිටපු පෝස්ට් එකට වඩා ටේහ්‍යුන්ගේ ප්‍රයිවට් සෙකට්‍රි ගේ පෝස්ට් එකේ වැඩ ගොඩක් අමාරුයි වගේම වැඩ වැඩීයි කියලා ජන්ගුක්ට හිතුනා. ඒ උනාට ජන්ගුක් උපරිමයෙන් වෙහෙසුනා ඒ වැඩ අල්ලගන්න.

ජන්ගුක් පුලුවන් හැම වෙලාවකදිම ටේහ්‍යුන්ව මගෑරියා. ඔව් එයාට ඒකට හේතු තිබ්බා!

එදා ජන්ගුක්ව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරපු දවසේ ජන්ගුක් එපා කියද්දිම ටේහ්‍යුන් එයාව ගෙදරින් ඇරලවන්න ආවා. ජන්ගුක් හිටියේ අබලන් වෙච්ච පොඩි ගෙදරක. සෝල් කියන ප්‍රධාන නගරයේ ජන්ගුක්ට අතට හරියන පොඩි ගානට හොයාගන්න පුලුවන් උනේ ඒ ගේ විතරයි.

ලොකු මැන්ශන් එකක හිටපු ටේහ්‍යුන් වගේ කෙනෙක්‍ට ඒක හැරෙන්නවත් මදි.

ජිමින් ඒ ගෙදරට කොච්චර ඇවිත් තිබ්බත් ජන්ගුක්ට කවදාවත් ලැජ්ජාවක් හිතිලා නෑ. මොකද ජිමිම් කියන්නෙත් ජන්ගුක් වගේම දුප්පත් පවුලක කොල්ලෙක්.

ඒත් ටේහ්‍යුන් වගේ පෝසත් කෙනෙක්ව ජන්ගුක් මෙච්චර ලගින් දැකලවත් තිබ්බෙ නෑ.

ටේහ්‍යුන් හොදින්ම දැනගෙන හිටියා ජන්ගුක් ගොඩක් දුප්පත් කියලා. එයා බෙල්ල ලගටම වෙනකන් ලෝන් ගොඩකින් හිර වෙලා ඉන්නෙ කියලත් ටේහ්‍යුන් දන්නව.

ටේහ්‍යුන් ඒක දන්නවා කියලා දැනගත්තම ජන්ගුක්‍ට ලොකු ලැජ්ජාවක් දැනුනා. ඊටත් වඩා එයා දැන් ඉන්න ගෙදර දැක්කම ජන්ගුක්ට අඩන්න ඕනෙ උනා හරිම නරක විදිහට!

ටේහ්‍යුන් දැක්කා තමන් එදා ජන්ගුක්ගේ ගෙදර ගියපු වෙලාවේ ජන්ගුක් හිටියේ කොච්චර අපහසුතාවයකින්ද කියලා.

ඒක නිසා එයා තවත් ජන්ගුක්ව අපහසුවට පත් කරන්නෙ නැතුව ජන්ගුක්ව ගෙදරින් බස්සලා අනිත් පැත්තට එයාගෙ මැන්ශන් එකට ආවෙ ඔෆිස් එකට යන්න මූඩ් එකක් තිබ්බෙ නැති නිසා.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now