යුන්ගිගේ කතාව pt1

208 26 0
                                    

Mr. Savage🖤🔥
යුන්ගිගේ කතාව - pt1
(Part 24)

.................................................

" යුන්ගි කියන්නෙ ජන්කුක්ගේ අයියා නම් යුන්ගිට ජන්කුක්ව අදුරගන්න බැරිද? "

" ඔච්චර ලගින් ඉදලත් හොද සහෝදරයෝ නම් අදුරනොගත්තේ ඇයි?"

" යුන්ගි දන්නවානම් ජන්කුක් එයාව පිස්සුවෙන් වගේ හොයනවා කියලා ඇයි නොකියුවේ එයා තමා අයියා කියලා? "

" සල්ලි තියෙනවානම් ඇයි යුන්ගි එයාගෙ පව්ලේ අයට දුක් විදින්න දෙන්නෙ? "

" මෙච්චර හොද කම්පැනි එකක් තියෙනවා නම් ඇයි යුන්ගි ගෙදර යන්නෙ නැත්තෙ? "

මම දැක්කා කතාවේ කමෙන්ට් වල මේ වගේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා.
ඔව්.. ඔයාලට ප්‍රශ්නයක් ඇති.

ඇයි යුන්ගි මෙහෙම කරන්නෙ?

අද එහෙනම් අපි යුන්ගිගේ කතාව දැනගමු..

................................................

( ජන්කුක්ට අවුරුදු 17දි එයාගෙ අයියව මිනිස්සු වගයක් ඇදගෙන ගිය තැන )

"මාව ඇතෑරපිය.. කව්ද උබලා.. මට යන්න දීපිය.. "

යුන්ගි තමාට පුලුවන් උපරිමයෙන් දැගලුවා, කෑගැහුවා. ඒත් ඒ මිනිස්සු දෙන්නා එයාව ඇතෑරියේ නෑ. මොකද යුන්ගි කියන්නෙ මේ වෙද්දි කෙට්ටු කෙසග කොල්ලෙක්. මත්ද්‍රව්‍ය වලටම එයාගෙ ඇග දියවෙලා ගිහිල්ලා. ඊටත් වඩා එයාව දෙපැත්තෙන් අල්ලගෙන හිටියේ අලියෝ දෙන්නෙක් වගේ සද්දන්ත මිනිස්සු දෙන්නෙක්.

යුන්ගි වගේ ඩබල් සයිස් ඉන්න මිනිස්සුන්ට යුන්ගි කියන්නෙ පොඩි කූබියෙක් වගේ. පාර දිගේ ඇදගෙන ආව යුන්ගිගේ බෙල්ලෙන් අල්ලපු ඒ මිනිස්සු දෙන්නා එකපාරටම එයාව කලුපාට වාහනයක් අස්සට දාගත්තා.

යුන්ගි දන්නෙ නෑ එයාව මේ මිනිස්සු කොහෙද අරගෙන යන්නෙ කියලා. මොකද ඒ ගමන පුරාවටම යුන්ගිට උනේ ඒ මිනිස්සුන්ගෙන් නොසෑහෙන්න ගුටිකන්න.

කටින් ලේ පෙරෙනකන්ම ගුටිකාපු යුන්ගිට ඒ මිනිස්සු කොයි වෙලාවකදි වත් සිහිය නැති වෙන්න දුන්නෙ නම් නෑ.

ගහලා ගහලා වාහනේ බිම දිගා කරවපු යුන්ගිගේ ඇග උඩින් බූට්ස් දාපු ලොකු කකුල් තියාගත්තු ඒ මිනිස්සු සද්දෙන් කතා කරන ගමන් හිනාවෙන්න ගත්තේ අතේපයේ හිරි ඇරගන්න අහින්සකයෙක්ව අහුවෙච්ච නිසා වෙන්න ඇති. ඒත් ඒ මිනිස්සු කියන්නෙ මොනාද කියලා නම් යුන්ගිට ඇහුනේ නෑ.. එයා ඒවා අහන්න තරම් මානසික මට්ටමක හිටියේ නෑ.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now