මම මැඩම්ව බලාගන්නම්

241 32 0
                                    

Mr. Savage
මම මැඩම්ව බලාගන්නම්..
(Part 12)

..................................................

ජන්කුක් ටේහ්‍යුන්ගේ ඔම්මගේ රූම් එකට යනකන් අදුරු කොනක තිබ්බ කනුවකට  වෙලා බලාගෙන හිටපු කෙනා කට කොනෙන් කපටි විදිහට හිනා වෙලා අත් දෙක එකට අතුල්ලලා අදුරේම නොපෙනී ගියා.

...................................

" ඔව්.. මට පුලුවන් ඉක්මනින් හොද කෙනෙක්ව හොයලා දෙන්න..

නෑ නෑ.. ගැහැනු පිරිමි භේදයක් නෑ. ඉක්මන් වෙන්නයි ඕනෙ~~"

ජන්ගුක් ටේහ්‍යුන්ගේ ඔම්මගේ රූම් එක ඇතුලට එනකොට ටේහ්‍යුන්ගේ අප්පා හිටියේ ජනේලෙන් එලිය බලාගෙන කාත් එක්ක හරි කෝල් එකක.

" මැඩම්.. ඔයාට දැන් කොහොමද..? සර් කිව්වා මැඩම්ට අසනීපයි කියලා.."

ටේහ්‍යුන්ගේ ඔම්මා ලගට ගියපු ජන්කුක් එයාට bow කරලා කාරුණික විදිහට ඇහුවා.

ටේහ්‍යුන්ගේ ඔම්මගේ මූන රතු වෙලා ඇගට දාඩිය දාලා තිබ්බා. ඒ වගේම එයාගෙන් සිහින් කෙදිරිල්ලකුත් පිට උනා.

" අහ්.. ජන්ගුක් පුතා.."

ඇස් වහන් හිටපු ටේහ්‍යුන්ගේ ඔම්මා ජන්ගුක්ට මලානික හිනාවකින් සංග්‍රහ කලා.

" මොකද්ද මැඩම් උනේ..? මැඩම් කලින් හොදට හිටියනෙ..?"

ජන්ගුක් ඇහුවේ ඇත්තටම දුකින්.

ටේහ්‍යුන්ගේ ඔම්මගේ අතක් අල්ලගත්තු ජන්ගුක් ඇදේ අයිනකින් වාඩි උනා.

" ඔව්.. පුලුවන් ඉක්මනට මගේ වයිෆ්ව බලාගන්න පුලුවන් නර්ස් කෙනෙක් ඔයාල එවයි කියලා මම හිතනවා.."

එහෙම කියපු ටේහ්‍යුන්ගේ අප්පා කෝල් එක කට් කරලා ජන්ගුක් ගාවින් ඇවිත් හිටගත්තා.

" මොකද්ද සර් මැඩම්ට උනේ..?"

ජන්ගුක් ඇහුවේ ඇත්ටටම කනස්සල්ලෙන්.

" එයා පඩිපෙලෙන් වැටුනා පුතා.."

ටේහ්‍යුන්ගේ අප්පා එහෙම කිව්වමයි ජන්ගුක් දැක්කේ ටේහ්‍යුන්ගේ ඔම්මගේ නළලේ වගේම අතේ තැන් තැන් වල තියෙන සීරීම් පාරවල්. දැනටමත් ඒවා වලට බෙහෙත් ගාලා තිබ්බා.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now