යුංගිගේ කතාව pt2

209 26 0
                                    

Mr. Savage
යුන්ගිගේ කතාව pt2
(24/2)

අද කතාව ගැන නම් මම සැටිස් නෑ🤧💔
.............................................

Time passed
2/3 days passed

දඩෝං💥

එකපාරම විශාල සද්දයක් එක්ක යුන්ගිව හිරකරගෙන හිටපු ගබඩාවෙ දොර කැඩිලා විසිවෙලා ගියා.

ඒත් එක්කම ඒ කැඩුනු දොර තුලින් ගබඩාව ඇතුලට ආවෙ අලුත්ම වර්ගයේ කලුපාට ජීප් තුනක්.

ජීප් තුන දැකපු ගමන් හැමෝම අදුනගත්තා කව්ද මේ එකපාරටම ගබඩාවට කඩාපාත් උනේ කියලා.

" ශැඩෝ කින්ග්.. "

ගබඩාවෙ හිටිය හැමෝගෙම කටින් ඒ වචනේ පිට උනේ හිත් බයෙන් ගැහෙනකොට.

" එකෙක්ව විතරක් ඉතුරු කරපන්.. මොකද මුන්ගේ ලොක්කා මෙතනට ආවම මොකද්ද උනේ කියලා දැනගන්න එකෙක් ඉන්න ඕනෙ.. "

කලු ඩෙනිම් එකකට කලු ටීශර්ට් එකක් ඇදලා ඊට උඩින් කලුපාටින්ම ලෙදර් ජැකට් එකක් දාලා කලුපාට කොන්ඩේ පිටිපස්සට කරලා හදලා තිබ්බ ශැඩෝ කින්ග් සද්දෙන් එහෙම කියමින් ඉස්සරහින්ම ආව ජීප් එකේ ඩ්‍රයිවින් ශීට් එකේ ඉදන් බිමට බැස්සා.

ඔහුගේ එක අතක දැල්වෙමින් තිබ්බ සිගරට් එකක් තිබ්බා.

" තමුන් මොකටද මෙහෙට ආවෙ? "

ගබඩාවෙ හිටපු හැම මනුස්සයෙක්ම ශැඩෝ කින්ග්වයි එයාගෙ මිනිස්සුන්වයි දැකලා බයවෙලා හිටියත් ඒ බය පෙන්නන්න ගියේ නෑ. ඒගොල්ලො බය හංගගෙන කතාකලා.

" මම ආවේ මට එන්න ඕනෙ බඩු හොරකං කරපු වේස බල්ලො හොයාගෙන.. "

ශැඩෝ කින්ග්, එහෙමත් නැත්ටම් අපි දන්න විදිහට ටේහ්‍යුන් එයාගෙ කලුපාට බූට්ස් දාපු කකුල් වලින් බර අඩි තියලා එයා ආපු ජීප් එකේ බොනට් එකට හේත්තු වෙලා සිගරට් එකෙන් දුම අදින්න පටන් ගත්තා.

" ඒ කියන්නෙ එයා දැනගෙන! "

ගබඩාවෙ හිටපු හැම මනුස්සයෙක්ගේම කකුල් බයටම ගැහෙන්න ගත්තා. එයාලා කලේ ලොකු වැරැද්දක් ශැඩෝ කින්ග් ගෙන් හොරකන් කරලා!

" මේපාර තමයි වික්ටර් කාරයාට උණ ගැනෙන්නෙ.. "

කටකොනින් හිනා වෙලා හිමීට මිමිනුව ටේහ්‍යුන් අතේ තිබ්බ සිගා එක විසික් කරලා ජීප් එකේ බොනට් එකෙන් බිමට පැන්නෙ ඉන පිටිපස්සේ හංගගෙන හිටපු පිස්ටල් එක ඇදලා ගන්න ගමන්.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now