මම ඉක්මනට එන්නම්..

271 43 0
                                    

ජන්කුක් මේ වෙනකොට golden එකට බැදිලා දවස් කිහිපයක්. එයා සාමාන්‍ය පරිදි වැඩ කරගෙන හිටියත් එයාට නිතරම වගේ කලින් ඔෆිස් එකේ අයව මතක් උනා. මොකද මෙහෙ සමහර අය ජන්කුක්ට ඊරිසියා කරන්න පටන් අරන් තිබ්බා. මොකද එයාලා හිතුවා ටේහ්‍යුන් ගෙයි ජන්කුක්ගෙයි අතර මොකක් හරි තියෙනවා කියලා.

ඒ මොනා උනත් ජන්කුක් ටේහ්‍යුන්ව පහු වෙච්ච දවස් ගානටම දැක්කෙ නෑ. දැක්කෙ නෑ කියනවටත් වඩා මගෑරියා කියන එක තමා හොදම.

ජන්කුක් ටේහ්‍යුන් එක්ක තරහා වෙලයි හිටියේ.

හැමදාම ඔෆිස් ඇරෙන වෙලාවට, ලන්ච් බ්‍රේක් එකට, ටී බ්‍රේක් එකට ටේහ්‍යුන් ජන්කුක් ලගට එන්න හැදුවත් කොහෙද.. ජන්කුක් කියන්නෙ මුරණ්ඩු කොල්ලෙක්.

එයාට තේරිලා තිබ්බා ටේහ්‍යුන් එයාට කැමැත්‍තක් දක්වනවා කියලා. ඒ උනාට එයා හිතුවා ඒක ටේහ්‍යුන් ට තමා ගැන ඇති උන ආකර්ශණයක් විතරයි කියලා. ඒ වගේම ජන්ගුක් බය උනා ටේහ්‍යුන් ලගට යන්නත්.

මොකද දවසක්..

" ඔහ් සර්.. සර් ඇයි මෙහෙ??"

ටේහ්‍යුන් කවදාවත් නැතුවම ටෙක්නිකල් ෆ්ලෝර් එකට ඇවිත් තිබ්බා.

" ම්ම්.. මම ආවෙ ජන්කුක්ව හම්බ වෙන්නෙ."

ටේහ්‍යුන් ව දැකලා අහපු ටෙක්නීශියන්ට කියපු ටේහ්‍යුන් බෙල්ල දික් කර කර බැලුවේ ජන්කුක් ඉන්නෙ කොහෙද කියලා. ඒ වෙලාවෙ ලන්ච් බ්‍රේක් එක. ඒත් ජන්කුක් කැන්ටින් එකේ හිටියෙ නෑ. ඒකයි ටේහ්‍යුන් ජන්කුක්ව මෙතනට ඇවිත් හෙව්වෙ.

" සර්ට මොකක් හරි ප්‍රශ්නයක්ද සර්?? ජන්කුක්නම් මෙතන නෑ.. හැබැයි.. මට පුලුවන් සර්ට උදව් කරන්න.."

ටේහ්‍යුන්ට පැණි හලන එක කෙල්ලෙක් ඇවිත් ඇබරි ඇබරි sexy voice එකකින් කිව්වේ ටේහ්‍යුන්ගේ අවධානය එයාට ගන්න.

එයා හිතුවා වගේම ටේහ්‍යුන් එයා දිහාවට හැරුනා. ඒ කෙල්ල ඇදගෙන හිටියේ ඇගටම හිරවෙන කොට කලු සායක් එක්ක තද දම් පාට ශර්ට් එකක්. ඒ ශර්ට් එකෙත් උඩ බොත්තම් කිහිපයක් ගලවලා තිබ්බේ ඒ කෙල්ලට වඩා ටිකක් උස ටේහ්‍යුන්ට එයාගේ පපුව හොදට පේන විදිහට.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now