පුතා.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ

226 30 0
                                    

Mr. Savage🖤🔥
පුතා.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ..
Part 27

......................................................

දවස් තුනකට පස්සෙ ජන්කුක්ව හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරද්දි කිම් පව්ලේ අය ජන්කුක්‍ව කිම් මැන්ශන් එකට එක්කගෙන යන්න සැදී පැහැදී හිටියා. හැබැයි එයාලා ටේහ්‍යුන්ට ජන්කුක් ලගට යන්නවත් දෙන්නෙ නෑ කියලා හිතාගත්තා.

" කුක්.. ඔයා ගිහින් ඉක්මනට ලෑස්ති වෙලා එන්න. අපි එලියෙන්
ඉන්නම්.."

එහෙම කිව්ව ටේහ්‍යුන්ගේ අප්පා නැම්ජූන්වයි ටේහ්‍යුන්ගේ ඔම්මවයි එක්කගෙන හොස්පිට්ල් රූම් එකෙන් එලියට ගියේ ජින් ජන්කුක්ට ලෑස්ති වෙන්න උදව් කරන අතරේ.

කිම් පව්ලේ හැමෝගෙම හිත් වල බයක් තිබ්බා. ඒ ජන්කුක්ට මේල් ප්‍රෙග්නන්සි තියෙනවා කියලා ටේහ්‍යුන් දැනගත්තොත් මොනා වෙයිද? ඒ මොකක් උනත් කොහොමද කියන්නෙ ජන්කුක්ට මේල් ප්‍රෙග්නන්සි තියෙනවා කියලා? ඕක කිව්වත් හදිස්සියේවත් ජන්කුක් ප්‍රෙග්නන්ට් උනොත් ටේහ්‍යුන් ඒ දරුවව බාරගනීයිද? හැමෝගෙම ඒ ප්‍රශ්න හිතේ තිබ්බත් එයාලා කලබල වෙලා හිටියත් ජන්කුක් ඉස්සරහා එයාලා සාමාන්‍ය විදිහට හිටියා.

අන්තිමට ජන්කුක්ව කිම් මැන්ශන් එකට එක්කගෙන ආවා. ඒත් ඒ වෙලාවෙ ටේහ්‍යුන් ගෙදර හිටියේ නෑ.

" ලොකු මහත්තයා, පොඩි බේබි උදෙන්ම වෙනදා වගේ ලෑස්තිවෙලා වැඩට ගියා.."

ටේහ්‍යුන්ගේ අප්පා..

( මං ටේහ්‍යුන්ගේ අප්පාට මිස්ට කිම් කියන්න අනේ🥲 )

මිස්ට කිම් එක මේඩ් කෙනෙක්ගෙන් ටේහ්‍යුන් කෝ කියලා ඇහුවම මේඩ්ගෙන් හම්බුනේ එහෙම උත්තරයක්.

ටේහ්‍යුන් ගැන දැනගෙන හිටපු මිස්ට කිම්ට ඇත්තෙන්ම ඊට වඩා වෙනස් දෙයක් ටේහ්‍යුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.

.......................................................

In the evening

ටේහ්‍යුන් වෙනදා වගේම ඔෆිස් ඇරිලා ඇවිත් ගේ ඉස්සරහින් වාහනේ පාක් කරලා යතුර එතන හිටපු සේවකයෙක් දිහාවට විසික් කලා.

එයා එනකොට සාලෙ මිසිස් කිම් ඉදගෙන හිටියත් මිසිස් කිම් අඩුම තරමේ ටේහ්‍යුන්ගේ මූනවත් බැලුවේ නෑ. ටේහ්‍යුනුත් එයාගෙ ඔම්මව දැක්කෙ නැති ගානට උඩතට්ටුවට ගියා.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now