රෑ වෙලා ඔෆිස් එකේ තියෙන වැඩ

266 33 0
                                    

Mr. Savage
රෑ වෙලා ඔෆිස් එකේ තියෙන වැඩ🙂
(Part 10)

................................................

ටේහ්‍යුන් මුලු දවසම එක එක පොඩි පොඩි වැඩ කියලා ජන්ගුක්ව කැබින් එකට ගෙන්න ගත්තේ ඒකෙන් ජන්ගුක්ට කේන්ති යයි කියලා හිතාගෙන. මොකද කලින් හිටපු ජන්ගුක්ට ඒ වගේ දෙයක් කලානම් අනිවාර්යයෙන්ම ජන්ගුක් රතිඤ්ඤා  කරලක් වගේ පුපුරනවා.

ඒත් දැන්?? දැන් ජන්ගුක් ටේහ්‍යුන් කියන කියන පදේට නටනවා. තාමත්. ඒත් ටේහ්‍යුන් ලේසියෙන් පරදින්න සූදානම් නෑ. එයා පුලුවන් තරම් ජන්ගුක්ව කේන්ති ගස්සන්නමයි බැලුවේ.

ටේහ්‍යුන්, ජන්ගුක්ට කිව්වාම රෑ වැඩ වලට කම්පැනි එකේ නවතින්න කියලා ජන්ගුක් ඒකට එකග උනා. මොකද ටේහ්‍යුන් ඕව' ටයිම් වලට ගෙවන නිසා.

ටේහ්‍යුන් කියන්නේ එදා දවසේ වැඩ එදා දවසේම ඉවර කරන කෙනෙක්. ඉතින් එයාට රෑ ඔෆිස් එකේ නැවතිලා කරන්න තරම් වැඩක් තිබ්බේ නෑ. ඒත් ඉතින් එයාට ජන්ගුක්ව නවත්තගන්නත් ඕනෙනෙ.

ඔෆිස් ඉවර වෙන වෙලාවට ජන්ගුක් ටේහ්‍යුන්ගේ කැබින් එකට ආවා. ටේහ්‍යුන් ලැප් එකේ ඔබාගෙන හිටපු මූන උස්සලා ජන්ගුක් දිහා බැලුවා.

ජන්ගුක් bow කලාම ටේහ්‍යුන් එයාගේ ඇගිලි තුඩු වලින් නලල මිරිකගත්තා.

" ඔය කොස්ස අරන් මගේ කැබින් එක අස් කරන්න ජන්ගුක්.. ඊලගට අතන මේසෙයි මෙතන මේසෙයි දෙකම අස් කරලා දාන්න.."

ආපහු ලැප් එකට මූන ඔබාගත්තු ටේහ්‍යුන් ජන්ගුක් දිහා නොබලාම වැඩ ටික කිව්වා.

ජන්ගුක් මොනාහරි කියන්න කට ඇරියත් ටේහ්‍යුන් ආපහු කතා කරන්න පටන් ගත්තා.

" ඒවා කරලා ඉවර වෙලා අර කබඩ් එකේ තුන්වෙනි තට්ටුවේ තියෙන ෆයිල් සේරම ඇදලා ආපහු ඒවා එක එක චෙක් කරලා පිලිවෙලට අඩුක් කරන්න."

ලැප් එකෙන් මූන ගත්තු ටේහ්‍යුන් එක පාරක් ජන්ගුක් දිහා බලලා එහෙම කියලා එයාගේ ෆෝන් එක අරන් චෙක් කරන්න ගත්තා.

" ඒත් සර්.. කැබින් එක අස් කරන්න ක්ලීනින් ස'විස් එකට කිව්වනම් හරිනෙ?? මම එයාලාව එක්කගෙන එන්නද??"

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now