කොන්දෙ රුදා

243 30 0
                                    

Mr. Savage
කොන්දෙ රුදා🙂
( part 17 )

................................................

ටික වෙලාවක් ජන්ගුක් දිහා හැංගිලා බලාගෙන හිටපු ටේහ්‍යුන් මැන්ශන් එකේ එයාගෙ කාමරේට ගියේ වොශ් එකක් දාගන්න. මොකද එයාගෙ ඇගේ තවමත් වේලුනු මඩයි සබනුයි.

පැයක් විතර අරගත්තු ටේහ්‍යුන් හොදට නාගෙන ආපහු රූම් එකට ආවෙ සුදුපාට කෙටි ටවල් එකක් විතරක් ඉනට ඇදගෙන. කොන්ඩෙ අතින් ගස ගසම ටේහ්‍යුන් ක්ලෝසට් එක ලගට ගියා.

ටේහ්‍යුන් නිතරම ඒ මැන්ශන් එකට එන නිසා එහෙ එයාගෙ ඇදුම් වගේම එයාට උවමනා දේවල් තිබ්බා.

අලුපාට sweatpant එකකුයි කලුපාට සැහැල්ලු අත් කපපු බැනියමකුයි ක්ලෝසට් එකෙන් ගත්තු ටේහ්‍යුන් ඒ දෙක එහෙම්මම ඇද උඩට විසි කරලා කන්නාඩිය ඉස්සරහට ගියා.

ටික වෙලාවක් එයාගේ රූපය අගය කරපු ටේහ්‍යුන් ආපහු ඇද ලගට ගියේ එයා කලින් ඇද උඩට දාපු ඇදුම් ටික ඇදගන්න.

සලාං💥

" ආහ්හ්.. "

Sweatpant එක ඇදගත්තු ටේහ්‍යුන් බැනියම අතට ගත්තු ගමන් පහල තට්ටුවෙන් වීදුරුවක් බිදෙන සද්දයක් ඇහුනා. ඒත් එක්කම ජන්ගුක්ගේ වේදනාබර කටහඩ ඇහෙනවාත් එක්කම ටේහ්‍යුන් කලබල උනා.

කලබල උන ටේහ්‍යුන් අතේ තිබ්බ බැනියම එහෙම්මම ඇදට විසික් කරලා පහල තට්ටුවට දුවන් ගියා.

එයා යනකොට සෝෆා එක ලග හිට්ටවලා තිබ්බ වීදුරුවෙන් හදලා තිබ්බ මනුස්සයෙක්ගේ උසට තිබ්බ ලස්සන ප්‍රථිමාවක් බිම වැටිලා ඒක කුඩු වෙලා වීදුරු කෑලි සීසීකඩ ගිහින් තිබ්බා. ටේහ්‍යුන්ට ඒ ප්‍රථිමාව බිදුනු එකට තරහා ගියේ නෑ. එයා හෙව්වෙ එයාගෙ බේබිව. එතකොටයි එයා ජන්ගුක්ව දැක්කේ.

බිම වැටිලා හිටපු ජන්ගුක් අමාරුවෙන් සෝෆා එක අල්ලන් නැගිටින්න ට්‍රයි කරනවා.

වීදුරු කටු අයින් කර කර පරිස්සමට ඇවිදපු ටේහ්‍යුන් ඉක්මනට ජන්ගුක් ලගට ගිහින් ජන්ගුක්ගේ ඉනෙන් අල්ලගත්තා.

" අනේ ස්.. සර්.. මං ඒක හිතලා ක්.. කලේ නෑ.. "

ජන්ගුක්ගේ කටින් පිට උනේ ඉකියකුත් එක්ක. ජන්ගුක් බය උනා ටේහ්‍යුන් එයාට බනීයි කියලා.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now