" කූ.. කූ මේ දොර අරින්න.. "
ටේහ්‍යුන් එයාගෙ කාමරේ වැහිච්ච දොරට සද්දෙන් ගහන ගමන් කෑගැහුවා. විනාඩි පහක් විතර ගියාම ජන්කුක් හිමින් සැරේ ඇවිත් දොර ඇරියා. ඒත් ජන්කුක් හිටියේ ඇවිදින මළමිනියක් වගේ. එයාගෙ ඇස් දෙකම ඉදිමිලා රතුවෙලා තිබ්බා.
" බේබි..? ඇයි මේ.. කියන්නකෝ මට.. "
ජන්කුක්ගේ පෙනුම දැකලා ජන්කුක්ට කරදරයක් කියලා බය උන ටේහ්‍යුන් ඉක්මනටම ජන්කුක් ලගට ගිහින් එයාව ඇදලා අරන් තදින් බදාගත්තා. ටේහ්‍යුන් එයාව බදාගන්නවාත් එක්කම ටේහ්‍යුන්ගේ පපුවට තද උන ජන්කුක් ටේහ්‍යුන්ව තදින් අල්ලගෙන අඩන්න ගත්තා.
ටේහ්‍යුන් පවා ජන්කුක්ට ඇති තරම් අඩන්න දුන්නේ එයාගෙ හිතේ තියෙන දුක පිට කරගන්න.
පැය බාගෙකට පසු..
" දැං ඔය ඇඩුවා ඇති නේද බේබි.. ම්ම්? "
ටේහ්‍යුන් කිව්වේ ජන්කුක්ගේ පිටාතගාන ගමන්. මේ වෙනකොට ජන්කුක් කෑගගහා අඩන එක නැවතිලා තිබ්බත් තවමත් එයාගෙ ඇස් වලින් නොනවත්වා කදුලු ගලාගෙන ගියා වගේම කටින් පොඩි පොඩි ඉකි පිට උනා.
" එන්නකො.. අපි යමු.. "
ටේහ්‍යුන් එහෙම කියලා ජන්කුව හරහට වඩාගෙන සාලෙට ගියා. සාලේ සෝෆා එක උඩින් ජන්කුක්ව තියපු ටේහ්‍යුන් කෙලින්ම ගියේ කුස්සියට ජන්කුක්ට වතුර වීදුරුවක් අරන් එන්න.
" බේබි.. මෙක බීලා ඉන්න මගෙ රත්තරනෙ.. "
ජන්කුක්ගේ එහා පැත්තෙන් සෝෆා එකේ ඉදගත්තු ටේහ්‍යුන් එහෙම කියලා වතුර වීදුරුව ජන්කුක් අතට දෙද්දි අත් දෙකෙන්ම වීදුරුව අල්ලගත්තු ජන්කුක් එක හුස්මට වතුර ටික බීලා දැම්මා.
ජන්කුක් ආපහු වීදුරුව ටේහ්‍යුන්ට දුන්නට පස්සේ ඒක කොෆි ටේබල් එක උඩින් තිබ්බ ටේහ්‍යුන් ජන්කුක්ව එයාගේ පපුවට තුරුල් කරන් හිමීට ජන්කුක්ගේ ඔලුව අතගාන්න පටන් ගත්තා.
විනාඩි දෙකක් යන්නත් කලින් ජන්කුක්ට මත් ගතියක් දැනුනා~~ ජන්කුක් ටේහ්‍යුන් දිහා බැලුවේ බොද උන ඇස් වලින්. ජන්කුක් දිහා බලලා ලාවට හිනා උන ටේහ්‍යුන්,
YOU ARE READING
𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎
Fanfictionපුෆ්ෆ්ෆ්ෆ්.. අද උදේ ඉදන් මම කරන්නේ එහෙට දුවන එකයි මෙහෙට දුවන එකයි.. අර බොසා දන්නේ ජන්ගුක් අරක ගේන්න.. මේක ගේන්න කියලා අණ දෙන්න විතරයි. ජන්ගුක් අරක ගෙනෙං.. මේක ගෙනෙං.. මොන කරුමයක්ද..? මම තොල් මතුර මතුර බොසාට බැන්නේ බොසාගේ කැබින් එක ඇතුලෙම ඉදන් කියලා...