හිත වෙනස්වෙලාවත් ද?

253 30 0
                                    

Mr. Savage
හිත වෙනස්වෙලාවත් ද..?
(Part 11)

...................................................

ටේහ්‍යුන් ගෙදර යන්න කියපු ගමන් ජන්ගුක් ඉක්මනින් ටේහ්‍යුන්ට bow කරලා එතනින් පැනගත්තේ මීට ටික වෙලාවකට කලින් ඔහුත් ටේහ්‍යුනුත් හැසිරුනු විදිහ මතක් වෙලා.

" චූටි මහත්තයා.."

ජන්ගුක් පඩිපෙල බහිනවත් එක්කම එකපාරටම කවුරු හරි එහෙම කතා කරන ගමන් තමන්ගේ පැත්තට එනවා දැක්කම එකපාරටම ජන්ගුක් ඉද්දගැහුවා වගේ නැවතුනා.

" මටද??"

කතා කරපු පුද්‍ගලයා දිහා බැලුවාම ජන්ගුක් දැක්කා ඒ ඩ්‍රයිව කෙනෙක් කියලා. ජන්ගුක් එයාගේ ඔලුව වටේටම හරව හරව බැලුවේ ඒ ඩ්‍රයිව වෙන කෙනෙක්ට කතා කලාද කියලා දන්නෙ නැති නිසා.

මොකද කව්ද දුප්පත් ජන්ගුක්ට 'පොඩි මහත්තයා' කියලා කතා කරන්නෙ??

ඒත් වට පිටාවේ කවුරුත්ම නැති තැන ජන්ගුක් ආපහු ඒ ඩ්‍රයිවගේ පැත්ත හැරිලා තමාගේ පපුවට ඇගිල්ලකින් ඇනගන්න ගමන් එයාටද කතා කලේ කියලා ඇහුවා.

" ඔව් චූටි මහත්තයා.. ටේහ්‍යුන් සර් කිව්වා චූටි මහත්තයාව ගෙදරින් දාලා එන්න කියලා.."

ඒ ඩ්‍රයිව එහෙම කිව්වම ජන්ගුක්ට මතක් උනා ඔහු ටේහ්‍යුන්ගේ ගෙදර හිටපු දවසෙත් ඔහුව කම්පැනි එකට ගෙනත් දැම්මේ මේ ඩ්‍රයිවර්මයි නේද කියලා.

" හොදයි එහෙනම්... අපි යමු.."

ඇගේ මහන්සියටම ජන්ගුක් ඒ ඩ්‍රයිව එක්ක යන්න කැමති උනා.

ජන්ගුක් ඒ ඩ්‍රයිවගේ පස්සෙන් වාහනේට ගිහින්, ඩ්‍රයිව ඇරලා දුන්නු පිටිපස්සේ දොරෙන් වාහනේට නගින දිහා ටේහ්‍යුන් හොබී එක්ක cctv වලින් බලාගෙන හිටියා.

" එහෙනම් උබේ ප්ලෑන් එකේ පලවෙනි පියවර සාර්ථකයි.."

එහෙම කියපු හොබී ටේහ්‍යුන්ගේ උරහිසට තට්ටුවක් දැම්මා.

..........................

" ඔයා මගේ ගෙදරට යන පාර දන්නෙ නෑ නේද??"

ජන්ගුක් වාහනේට නැග්ග ගමන් ඩ්‍රයිවගෙන් ඇහුවා.

" මම දන්නවා චූටි මහත්තයා පාර.."

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now