රිටර්න් එක pt1

241 30 0
                                    

Mr. Savage
රිටර්න් එක- part 1
( part 16/1)

.....................................................

" සර් මට කතා කලාද?? 👀 "

කිසිම දෙයක් නොදන්න ගානට ටේහ්‍යුන්ගේ කැබින් එකේ දොරෙන් බෙල්ල ඇතුලට දාපු ජන්ගුක් ඇහුවා.

" ඔයා අද ඉවරයි ජෙඕන් ජන්ගුක්... "

හිත යටින් එහෙම හිතපු ටේහ්‍යුන් බොරුවට කෙදිරි ගාන්න ගත්තා.

" අහ් ජන්ගුක්.. මගේ කොන්ද හිරිවැටිලා වගේ.. කකුල් දෙක දැනෙන්නෑ.. "

ටේහ්‍යුන් හරිම අමාරුවෙන් ඇස් දෙකේ කදුලු පුරවගෙන අත් දෙකම මේසෙ උඩින් තද කරලා තියලා අත් දෙකත් මිටිමොලවාගෙන ජන්ගුක් දිහා බලලා අසරණ විදිහට කිව්වා.

ඇත්තටම කිව්වොත් අලියෙක්ගේ වගේ ලොකු ඇගක් තියෙන ටේහ්‍යුන්ට ලිස්සලා වැටෙනවා කියන්නේ නතින්.

ටේහ්‍යුන් කියන්නේ ප්‍රසිද්ද නොවුනත් ටයිකොන්ඩෝ චැම්පියන් කෙනෙක්.

ඉතින් එයාට ලිස්සලා වැටුනා කියලා දැනෙයිද🙂 ඒක එයාට විහිලුවක්..

ඒත් අහින්සක ජන්ගුක් ඒක දන්නවද? නෑ.. ජන්ගුක් මේ පාරත් ටේහ්‍යුන්ගේ බොරු කපටි කම්වලට රැවටිලා ඉක්මනට කැබින් එක ඇතුලට ආවා.

" ස්.. සර්? "

ඇස් දෙකේ කදුලු පුරවගත්ත ජන්ගුක් දිග වේගවත් අඩි තියමින් ටේහ්‍යුන් ලගට දුවගෙන ආවා. නමුත් එයාට අමතක උනා ටයිල් පොලවේ මඩ වතුර වැටිලා කියලා..

වේගෙන් ඇවිදන් ආව ජන්ගුක් සුරුස් ගාලා ලිස්සලා ගිහින් බිම පස්ස ඇනගත්තා.

" අව්හ්.. "

බිම වැටුනු පාරට ජන්ගුක්ට කෑගැස්සුනා.

ටේහ්‍යුන්ට හිනා ගියත් එයා හිනාව කාගෙන අමාරුයි වගේ රගපෑවා.

" නෑ.. එපා සර්.. නැගිටින්න එපා. ඉන්න මං එනකම්. "

තමන් වැටුනු පාරට ගැස්සුනු ටේහ්‍යුන් අමාරුවෙන් වේදනාවටම ඇස් වල කදුලු පුරවගෙන ඉදගෙන ඉන්න පුටුවෙන් නැගිටින්න ගිහිල්ලත් ආපහු පුටුවේම ඉන්දවුනා කියලා දැක්කම ඉක්මනට බිම ඉදගත්තු ජන්ගුක් ටේහ්‍යුන් දිහාවට අත් දික්කරලා කෑගැහුවා.

𝑀𝑟.𝑆𝑎𝑣𝑎𝑔𝑒✔︎Where stories live. Discover now