Chapter 6

2.8K 356 58
                                    

නෙහාර අවදි වන විට ප්‍රතාප් ඇදෙහි උන්නේ නැත.තිර රෙදි මෑත් කර නොතිබුණත් උදෑසන හිරු එළිය නෙහාරගේ මුහුණට හොඳින් දැනුනි.බිත්ති ඔරලෝසුවෙහි වූ වෙලාව දෙස  බැලූ නෙහාර ගැස්සි නැගිට්ටේය.

"දරුවන්ට කෑම..අයියෝහ්..."

"Good morning neshu...ම්ම්..ඔයාගේ කිරි එක.."

"අයියේ...අනේ...පරක්කුයිනේ..එයාලා ඉස්කෝලේ ග්..ගියේ..."

"කරදර වෙන්න එපා...මං සල්ලි දුන්නා..දවල්ට කන්න එක්කම.."

"ඒත් යුග්මට තරහා යනවා ඔයාට වගේම ගෙදර කෑම එක නැති උනාම.."

"එයාට ඊට වඩා තරහා යනවා එයාගේ අම්මා එයා ගැන ඕනිවට වඩා වද වෙනකොට..." ප්‍රතාප් කීවේ නෙහාරගේ හිස අතගාමිනි.

"පව් මගේ පැටව් තුන් දෙනා..."

"ම්ම්..දැන් හිතුවද ඔයාට මොනාද කරන්න ඕනි කියලා..?"

"නෑනේ...මං තව ටිකකින් හිතලා කියන්නද..?"

"හ්ම්..මං ඉක්මනින් ඔෆිස් එකට යනවා..මට කතා කරලා කියන්න කරන්න ඕනි මොනවද කියලා..ඒක ඒ වෙලාවෙම වෙයි..තේරුණාද..?උයන්න එහෙම කරදර වෙන්න එපා.."

"ම්ම්ම්..."

.
.
.
.
.

ප්‍රතාප් උන්නේ ෆයිල්ස් වගයක් re check කරමිනි.

"Excuse me sir..prime minister ඇවිත් සර්ව හම්බ වෙන්න.."

තම ලේකම් වරිය කියූ දෙය ඇසුනු ප්‍රතාප් ඇය දෙස බැලුවේ පුදුමයෙනි.

"එන්න කියන්න..."

කණ්ණාඩි කුට්ටම ගලවා පසෙකින් තැබූ ප්‍රතාප් ඇස් කොන් මහපටගිල්ලෙන් හා දබරගිල්ලෙන් පොඩි කරමින් කියුවේය.

" හායි මිස්ටර් ප්‍රතාප්..."

"හෙලෝ මිස්ටර් මනමේන්ද්‍ර..."

" ගෙදරට ගිහින් ඔයාගේ ලස්සන චූටි වයිෆිව බලලා කතා කරන්නත් හිතලා ආයේ මොකටද අහින්සකයින්ව බය කරන්නේ කියලා හිතලයි ඔෆිස් එකට ආවේ..."

නෙහාරව මතක් කරදි ප්‍රතාප්ගේ අතෙහි තිබූ පෑන් ඇඟිලි අතර මිරිකී යන දෙස නෙත් කොනින් බලමින් අගමැතිතුමා කීවේය.ඇතුළු වන විට ප්‍රතාප්ගේ මුහුණේ තිබුණු නිවුණු සාමකාමි බව වෙනුවට දැන් තිබුණේ ප්‍රතිවාදියා වෙත කඩා පනින්න සැරසෙන කොටියෙකුගේ පෙනුමකි.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now