Chapter 30

2.9K 409 92
                                    

යුගාන් බයෙන් හිටි දේ උනා.දොර ඇරුනේ උඩ සරනේරුවේ ඇණ එක්කම ගැලවෙලා වෙද්දි දොරේ උඩුකොන පහළට ඇල උනේ දෙපාරක්ම හෙලවෙලා.හරියට ඒ වගේම යුග්මගේ පපුවත් වෙව්ලලා ගියා.

එයාට වඩා විනාඩි දෙකකින් හරි වැඩිමල් උනත් යුගාන් කියන්නේ යුග්මගේ පළවෙනි දරුවා කිව්වොත් හරි.යුග්මට මොනතරම් මෘදු වෙන්න පුළුවන් ද කියලා යුග්මට වගේම මුළු ලෝකෙටම පෙන්නුවා වගේම යුග්ම කියන්නේ මොන තරම් යකෙක්ද කියලා අද යුග්මට වගේම මුළු ලෝකයටමත් තේරුම් කරන්නෙත් යුගාන්ම වෙන්න ඇති.

" මන්ධීර්.."

ඒක මෘදු ආමන්ත්‍රණයක් නෙවෙයි.washroom එක උඩ වහළ උන කොන්ක්‍රීට් තට්ටුව පවා දෙදරලා යන ආමන්ත්‍රණයක්.දොර ඇරුණේ කොයි වෙලාවෙද යුග්ම ඉස්කෝලෙම දෙදරන්න කෑ ගැහුවේ කොයි වෙලාවෙද තමුන් විසිවෙලා ගිහින් බිත්තියේ වැදුනේ කොහොමද කියලවත් මන්ධීර්ට හරි අවබෝධයකට එන්න බැරි උනා.

" තෝ..මොන වේස වැඩද යකෝ තෝ කරන්නේ..?"

චටාස්...

චටාස්...

චටාස්....

" ආහ්හ්ව්ව්...අනේහ්..යුග්මහ්..."

කන හරහා පාරවල් තුනක්ම යුගාන්ට වදිද්දි යුගාන්ට දැනුනේ ඇස් දෙක නීලාංකාර වෙලා මොලෙත් දෙදරලා යනවා වගේ හැඟීමක්.පොළොවේ හිටගෙන ඉන්නවත් පණක් නැතිව යුගාන් බිම වැටෙන්න ගියත් ගිණිපිට වෙන ඇස් වලින්ම යුගාන් දිහා බලපු යුග්ම පීඩනය වගේම වේදනාව දරාගන්න බැරිව ඇදගෙන වැටෙන්න යන යුගාන්ගේ ඉනවටේ අත දාලා අල්ල ගත්තා.

" මෙන්න මූව අල්ල ගනින්.."

මේ වෙනකොට එතනට කීප දෙනෙක්ම ඇවිත් වටවෙලා.ඒ අස්සේ යුග්මගේ දකුණු අතයි වමතයි වගේ ඉන්නෙ සනෝජ් , මිරෝශ් දෙන්නත් ඉද්දි යුග්ම යුගාන්ව ඒ දෙන්නා පැත්තට තල්ලු කරලා දැම්මා.

මන්ධීර් කියන්නෙත් ලේසියෙන් කාටවත් නොනැමෙන එකෙක් වෙද්දි ඔලුව වැදිලා රිදුම් දුන්නත් ඊළඟට තමන්ගේ පැත්තට හැරෙන යුග්මට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න බලාගෙන හිටියා වගේම ඊළඟට පටන් ගන්න යන මාරාන්තික වලිය බලන්න ගොඩක් අය වටවෙලා උන්නා.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now