Chapter 33

2.4K 382 51
                                    

වෙලාව හවස තුනට විතර ඇති..යුගාන් දැන් දවස් තුනක් තිස්සේ ඉස්කෝලේ යන්නේ නෑ..අත්තම්මා එවන කෑම එක කන්නවත් කාමරෙන් එළියට එන්නේ නෑ.යුග්මටවත් හරියට මූණ දෙන්නේ නැතිව මූණ හංග ගනිද්දි යුග්මත් මොකුත් නොකියා සද්ද නැතිව බලන් හිටියා.

විරාජ ඇවිත් බැනලා බැනලා කවලා ගියොත් ඇරෙන්න යුගාන්ට කන්න පිරියක් තිබුණෙත් නෑ..අම්මා ඉල්ලලා ඇඩුවත් යුග්ම නෙහාරව කොහෙන් ගෙනත් දෙන්නද..?

කොට්ටෙත් බදාගෙන ඇදේ head board එකට හේත්තු වෙලා යුගාන් බලන් උන්නේ වීදුරු ජනේලෙන් පේන ගෙවත්ත දිහා.අම්මා නෑ කියලා නෑ යුහාෂි garden එක හරි ලස්සනට බලා ගන්නවා.. imported red roses පේළියක්ම යුගාන්ගේ කාමරේ දිහා බලාගෙනම පිපිලා..කොච්චර මිල උනත් අප්පච්චි අම්මි ඉල්ලන ඉල්ලනදේ අරන් දෙන හැටි මතක් උන යුගාන්ගේ තොල් අග හිනාවක් ඇඳුණා..ඔය රෝස පැල තොගෙත් එහෙම එකක්.

" අම්මි වාසනාවන්තයි..අප්පච්චිව ලැබෙන්න..මං කවදාවත් එච්චර වාසනාවන්ත වෙන එකක් නෑ.."

යුගාන්ට මතක් උනේ එදා හවස එයාගේ ෆෝන් එකට අප්පච්චිගෙන් ආව කෝල් එක..පුරුදු ටයිම් එකට පැයක් කලින්..ඒ කියන්නේ ප්‍රතාප් දැනගෙන..ඉතින් කොහොමද හිත හයිය කරන් අප්පච්චිට හලෝ කියන්නේ..යුගාන් ඒ ඇමතුම ඇහෙන්නේ නෑ වගේ ඉන්න හිතුවත් පස්වෙනි වතාවටත් ඒ ඇමතුම එද්දි යුගාන්ට ඒකට උත්තර දෙන්නම උනා.

Flashback

[Phone conversation

" හෙලෝ..යුගාන්..."

" යුගාන්..."

" යුගාන් කතා කරපිය යකෝ..තෝ ගොළු උනාද..?"

" හෙ...හෙ...අ..අප්...අ..අප්පච්චි..."

ප්‍රතාප්ගේ හඩ වෙනදාටත් වඩා රළු වෙද්දි යුගාන්ට කතා කරන්න හයියක් තිබුණේ නෑ..ඒත් ප්‍රතාප්ගේ කේන්තිය ඉස්සරහා කතා නොකරත් බැරිව යුගාන් අසරණ උනා.

" අප්පච්චි..අප්පච්චි තමා යකෝ..අප්පච්චි..උඹේ අප්පච්චි මැරිලා කියලා හිතාගෙන වෙන්න ඇති එක එකාට උඹව පාවි..."

" අනේ අප්පච්චි..."

" මං මුල ඉදන්ම දැනන් හිටියා තොගේ ඔය හැම නාඩගමක්ම..ඒත් මං ඒ හැමදේටම ඉඩදීලා නිහඩ උනේ වයසේ වැරැද්ද මේවා සාමාන්‍ය දේවල් කියලා..ඒත් මටයි වැරදුනේ..කවුද හිතුවේ තොපිට ඇටෙන් පොත්තෙන් එළියට එන්න කලින් මදනයා ගහාලා කියලා.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now