Chapter 57

2.3K 398 149
                                    

යුග්ම බලන් උන්නේ කොට තාප්ප අස්සෙන් පේන එළිය දිහා.කළු කරලා හොඳටම ඒ මදිවාට අහස දෙදරවගෙන අකුණු ගහනවා.සර් මොනවා කියෙව්වද කියලාවත් යුග්මට ගාණක් නෑ.අන්තිමට සර් එළියට යනකල්ම බලාගෙන උන්නු යුග්ම මන්ධීර්ට කෝල් එකක් ගත්තා.

" උඹ ක්ලාස් එක්කද..?"

" නෑ..."

" යුගාන් වැස්සට බයයි..ගෙදර තනියම...කෝල් කරලා කෝල් එකේ ඉදපං..තව ටිකකින් ඉන්ටවල් එකේ මං ක්ලාස් එකෙන් පැනලා ගෙදර යනකල්.."

" හරි.."

හෙලෝ කින්ද මන්ද මොකුත් නෑ..අදාළ දේ කිව්වා කට් කරා..මුන් දෙන්නාටම ඔය පුරුද්ද කොහෙන් ආවද දන්නේ නෑ.

ඇමතුම විසන්ධි වුණු සැනින් යුග්ම කෝල් කලේ සිකුරිටිට.

" පොඩි බේබි.."

" ලොකු බේබි තනියම ගේට්ටු එහෙම lock කරලා ගෙදරට යන්න...විකුමුත් ඇතිනේ..පොඩ්ඩක් එයාට ඔයාලා ළඟ ඉන්නවා කියලා දැනෙන්න දෙන්න.."

" පොඩි බේබි නිලේෂ් සර් ආවානේ..මං හිතුවේ වැස්සට බය නිසා.."

" what the fuck..."

යුග්ම මුළු ක්ලාස් එකම දෙදරන්න බෙරිහන් දුන්නේ සිකුරිටි කියන්න ගිය දේ කියන්නත් කලින් උනත් අනිත් පැත්තට ඉන්නේ කොතනද කියලාවත් නොබලා යුග්ම එළියට දිව්වේ මෙච්චර වෙලා ගුගුරමින් හිටපු අහස  මහා හයියෙන් වැස්සක් බිමට හෙලද්දි.

මන්ධීර්ත් අගමැති නිවසින් එළියට බැස්සේ යුගාන්ට කොච්චර කෝල් කරත් ෆෝන් එක ආන්සර් නොකරද්දි..මන්ධීර්ට හොඳක් දැනුනේ නෑ.

" යුග්ම..සික්කාට කියපං ගේට්ටුව අරින්න කියලා..මං දැන් එහෙට යනවා.."

" මාත් යනවා..පොඩි හදිස්සියක්.."

ආයෙම යුග්මට කෝල් කරපු මන්ධීර් ගේට්ටුව අරින්න කියද්දි අනිත් පැත්තෙන් යුග්මගෙන් ඇහුණු වෙව්ලන කටහඩ එක්ක මන්ධීර්ට දැනුන දේ හරි කියලා තේරෙද්දි..කාර් එකේ යන්න පුළුවන්කම තිබිලත් මන්ධීර් වැස්සෙම bike එකට ගොඩ වුනේ කාර් එකට වඩා bike එක ඉක්මන් නිසා.

" මන්ධීර්..."

" පොඩි..."

" පොඩි පුතේ..."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now