Chapter 28

2.8K 435 149
                                    

ප්‍රතාප් තවමත් බර කල්පනාවක.නෙහාරගේ විදිහත් එක්ක මාස දෙකකට හරි දරුවෝ තුන් දෙනාව නෙහාර එක්ක දාලා යන්න පුළුවන් ද..?ඇත්තටම නෙහාර මේ විදිහට විශ්වාස කරන්න පුළුවන් ද..? ප්‍රතාප්ගේ ඔලුවේ ඔය සේරම වැඩ කරද්දි එයා එයාගේ නළල තදින් මිරික ගත්තා.

" අප්පච්චි..."

" ම්ම්ම්..."

කාමරේ තිබුණු සෝෆා එකේ වාඩි වෙලා කල්පනාවක උන්නු ප්‍රතාප් යුග්මගේ හඩට ඔලුව ඉස්සුවා වගේම යුග්ම ඇස් වලින් නෙහාරව පෙන්නද්දි ප්‍රතාප් පුටුවෙන් නැගිටුනා.

නෙහාරගේ ඇස් බයෙන් පිරිලා.එයා හැදුවේ ඇදෙන් පැනලා දුවන්න.ඒත් ඇදෙන් පනින්න තියා අතක්වත් හොල්ල ගන්න පණක් නැති වෙද්දි එයාට පුළුවන් උනේ දගලන්න විතරයි.

" දගලන්න එපා ඔයාටමයි රිදවෙන්නේ.."

යුග්ම කාමරෙන් එළියට යද්දි ප්‍රතාප් හීන් හඩින් කිව්වේ නෙහාර ළඟට එනගමන්.

" ග්..ග්..ගහන්න එපා..."

" සිහිය ආවම ගහන්න තරම් කේන්තියක් නම් තියෙන්නේ උඹව මැරෙන්න අරිනවා ඒ විදිහටම.."

" ම්..ම්..මට..මට...මට..ක්..ක්...කරන්න ද්...දෙයක්..දෙයක්..හිත්...හිත්තාගන්න බ්...බ්..බෑ..ම්..ම්ම්ම්...ම්ම්..මැරිලා යන්න ඕ..ඕනි හිතුනා..ම්..ම්..මං ඔයාට ව්..ව්..වදයක් හි..හිතෙද්දි...මං නිස ඔ..ඔ..ඔයා දුකින් හි..හිතෙද්දි අයින් වෙන්න ඕනි උනා..ඔයාගෙන් අයින් වෙලා ජීවත්...ජීවත් වෙන්න ම්..ම්..මං ද්..ද්..දන්නේ නෑනේ..මැරෙන එක ත්..ත්..තමා මට ඉතුරු උනේ..මට මට..මං..මං..මං එක්ක තරහයි..මට ල්..ලැජ්ජයි..ම්..මං හැසිරුණු විදිහ හිතද්දි මට මාවම ම්..ම්..මරා ග්..ගන්න ඕනි උනා..අ..අනික..අනික..ම්..ම්..මට ඉ..ඉ..ඉරිසියයි..එ..එ..එයා එක්ක ය්..යි..යි..යනවට..ම්..ම්..මං දරුවෝ එක්ක හ්..හ්..හිර වෙනකොට..එයා ඔයාව ගනියි ක්..ක්..කියලා ඉ..ඉ..ඉරිසියයි..ඒක බ්..බ්..බ්..බලාගෙන..හිත හිත..ජ්..ජ්..ජීවත් ව්..ව්..වෙනවට වඩා..ම්ම්..ම්..මැරෙන එක හොදයි...ඔ..ඔ..ඔය වෙන ක්..ක්..කෙනෙක් එක්ක ක්..ක්..කාලේ ගත කරනවා බලන්න ම්..මට බෑහ්..ඔයාව දෙන්න බෑ..දෙන්න බෑ.."

ප්‍රතාප් මොකුත්ම නොකියා නෙහාර ඉකි ගගහා කියන දේවල් අහන් හිටියා.හුස්මක සද්දෙවත් ඇහෙන්න නොදි නෙහාරට ඕනි විදිහකට කියා ගන්න දීලා අහාගෙන හිටියා.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now