Chapter 48

2.4K 381 145
                                    

[Room number 308]

ඒ මැසේජ් එක ඇවිත් පැය දෙකක් ගෙවිලා ගිහින්.අයුක තාමත් jetwin එකේ car park එකට වෙලා ඒ මැසේජ් එක දිහා බලාගෙන කල්පනා කරනවා.

යුග්මගේ කටහඩ ඒ වෙලාවේ තිබ්බේ හොඳටම නිවිලා..ඒ කියන්නෙම යුග්ම ඉන්නේ සෑහෙන තරහෙන් කියන එක අයුකට තේරෙද්දි යුග්මව බලන්න..නිදහසේ ඉන්න ලැබුණු චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ආසාවෙන් උනත් අයුකට බයයි යුග්ම ළඟට යන්න..ඉතින් අයුක පැය එකහමාරක් තිස්සේ මැසේජ් එක දිහා බලාගෙන යන්දෝ නොයෙම්දෝ කියලා හිතනවා.

[ Oya enawada aiya baba..mn thamusewa inna thanakt hoyan ennada? ]

යුග්මගෙන් දැන් ආව මැසේජ් එක දිහා බලාගෙන උන්නු අයුක හිත හදාගෙන යුග්මට කෝල් එකක් ගත්තාත් යුග්ම කෝල් එක කට් කරලා දැම්මා.

[ Call moktda ?  Meet wela katha karamu...]

ඒ මැසේජ් එක දැකලත් අයුක ආයෙම කෝල් එකක් ගත්තේ හිතේ දෙගිටියාවෙන් උනත් රින්ග්ස් දෙකක් යන්න කලින් යුග්ම කෝල් එක අන්සර් කලා.

" යුග්ම...මේ අහන්න මං වැරදි නෑනේ...තරහා යනවනේ යුග්ම..මීටින් එකක්..."

"  අයුක අයියේ..සිංහල දන්නවද..? ම්ම්...තමුසේ එනවද කියනවා...?"

" නෑ...."

" අහ් හරි ඉස්සල්ලා මාව එපාමයි කියලත් කිව්ව එකේ මං හිතා ගන්නද තමුසේ මට බූට් එක තිබ්බා කියලා ම්ම්.."

" මං එහෙම කිව්වේ නෑනේ.."

" මාව ඕනිද එපාද..? එපා නම් ඉක්මන්ට කියනවා..ක්ලාස් එකේ කෙල්ලෙක් ලයින් වීගෙන ආවේ..ආයේ ක්ලාස් එකට ගිහින් ඒකටවත් ලයින් කරන්න..."

" මො..මො..ක්..."

ටීක්...ටීක්...ටීක්...

අයුකට ආය මොකුත් කියන්න නොදීම ෆෝන් එක කට් වෙද්දි අයුක කේන්තියෙන් පිපිරුණා.

" තමුසේ යනවා..මං වැඩේ ඉවර උනාම තමුසෙට කෝල් කරන්නම්..."

" හරි සර්..."

තිබ්බ කේන්තියටම කාර් එකේ දොරත් මහා සද්දෙන් වහපු අයුක ටයර් එකටත් පයින් ඇන්නේ දත් මිටි කාගෙන.

" bi sexual පොඩි ඇටයොත් එක්ක සෙට් වෙන්න එපා කියන්නේ ඕක තමා..පොඩ්ඩක් එහෙ මෙහේ උන ගමන් ගෑණියෙක් හොයා ගන්නවා.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now