Chapter 38

2.9K 416 66
                                    

යුග්ම අද ඉස්කෝලේ ආවේ තනියම..යුගාන්ට උවමනාවක් තිබුණේ  නෑ කලින් එන්න..මොකද එයාට ඉස්සර කලින් එන්න තිබුණු හේතුව දැන් නෑ..නෑ නෙවෙයි යුගාන්ට ඕනි ඒ පුරුදු මගහැර ගන්න..ඉතින් යුග්ම උදේම කතා කලත් යුගාන් තවත් ගුලි වෙලා නිදා ගත්තා මිසක් ලෑස්ති උනේ නෑ.

විදුහල්පති නිල නිවාසය පිටි පස්සේ බයික් එක නවත්තපු යුග්ම සුසුමක් හෙලුවේ හිතේ තියෙන බරක් නිදහස් කරගන්න වගේ..යුගාන් අර සිදුවීමෙන් පස්සේ ඉස්කෝලේ එන පළවෙනි දවස අද..යුග්මට හිතා ගන්න බෑ එයාට අද දවස කොහොම වෙයිද කියලා..යුග්මට බෑ යුගාන්ව හැමෝගෙම බැල්මවල් වලින් ආරක්ෂා කරන්න..කාගෙම හරි වචනයකින් යුගාන් හිත රිදව ගනීවි අඩාවි කියලා යුග්ම බය උනා..ඒත් මොනවා කරන්නද..?

අනිත් පැත්තෙන් මන්ධීර්..යුග්මට මන්ධීර් ගැනත් යන්තම් දුකක් ඇති උනා..මන්ධීර් කොහොමද ගුරුවරුන්ට යාළුවන්ට මූණ දෙන්නේ..මේ හැමදේටම වැරදි මන්ධීර් උනත්..මන්ධීර් කියන්නේ ඉස්කෝලේ තරුවක්..ඉගෙනීම,විනය,ක්‍රීඩා..මේ හැම අතින්ම..මොනා උනත් ඉස්කෝලෙට වටින සම්පතක්...නිකරුනේ විනාස වෙයි කියලා යුග්මට දුක හිතුනා..ඉස්කෝලෙන් අස් කරගෙන ගියත් ඉස්කෝලේට ඒක ලොකු පාඩුවක්..මන්ධීර් , යුග්ම මේ දෙන්නාම ඉස්කෝලේට ස්වීප් දෙකක් වගේ..කවදාවත් ඉස්කෝලේ සංවර්ධන කටයුත්තක් පරක්කු උනේ නෑ , දේශපාලනය අතින් පසුබෑවේ නෑ මනමේන්ද්‍රගෙයි ප්‍රතාප්ගෙයි සහය ඉස්කෝලෙට තියෙනකල්...ඉතින් මන්ධීර් ගියා කියන්නේ එතනත් පාඩුවක්..යුග්මට උනත් මන්ධීර් නැති වුණොත් වෙන්නේ පාඩුවක්..මොකද යුග්ම එක්ක කැඩෙට් වලදි ශිෂ්‍ය නායක වැඩ වලදි වගේම ක්‍රීඩාවලදිත් එකට ඉන්නේ මන්ධීර්..මන්ධීර් නිසා යුග්මට ලේසි වගේම යුග්ම නිසා මන්ධීර්ට ලේසි..ඕනෑවට වඩා යාළු ෆිට් නැති උනාට ඒ දෙන්නාම දන්නවා..ඒ දෙන්නාටම තියෙන්නේ අමුතු බැදීමක් කියලා..හරියට යුග්ම නොදන්නවා උනත් එයාගේ අනිත් භාගේ මන්ධීර්..මන්ධීර් නොදන්නවා උනත් මන්ධීර්ගේ අනිත් භාගේ යුග්ම..ඉස්කෝලේ ගොඩක් වාර්ථා අතර යුග්මගේ නම ලියවුණු හැමතැනකම වගේ අනිත් පැත්තෙන් මන්ධීර්ගේ නම ලියවිලා තිබුණා.

යුග්ම * මන්ධීර්

එතන තියෙන්නේ අමුතු combination එකක්..ගොඩක් ඉස්කෝල හරිම අකමැති මේ ඉස්කෝලේ එක්ක තරඟ වලට සහභාගි වෙන්න..විශේෂයෙන්ම ඒ තරඟ වල යුග්මගෙයි මන්ධීර්ගෙයි නම් ලියවිලා තියෙනවා නම්.. ඒ ඉස්කෝල තරඟ පටන් ගන්නත් කලින් පරාජය තමන් නමට ලියාගෙන ඉවරයි..

යුග් (Just For You - Season 02)Where stories live. Discover now