Chapter 43

2.7K 445 123
                                    

යුග්ම උන්නේ අයුකගේ පපුව උඩ සුව නින්දක..අම්මා දුන්න පැය ඉවර වෙලා දැන් ගොඩක් වෙලා..දැන් ටිකකට කලින් අම්මාගෙන් කෝල් එක ආවේ තුන්වෙනි වතාවට...ඒත් අයුකට යුග්මව ඇහැරවන්න ලෝභ හිතුනා..ඒත් මොනවා කරන්නද දෙවෙනි පැය ඉවර වෙන්න තව විනාඩි පහළොවයි තියෙන්නේ.

" අනේ ඔරලෝසුවේ කටු වැඩ කරන්නේ හෙමින් උනානම්.." අයුක ඔරලෝසුව දිහා බලාගෙන සුසුම් හෙලුවේ යුග්මගේ ඔලුව අතගාන ගමන් ලෝභ කමට.

කෙස් රොඳ දෙක තුනක් නලල උඩට වැටිලා.අයුකගේ පපුවට පොඩි වුණු කම්බුල නිසා තොල් පෙති උල් වෙලා..සුව නින්දේ තරම කියන්න මෘදු ගෙරෙව්ම් හඬක් පිටවෙද්දි යුග්මගේ හුස්ම පොද අයුකගේ පපුවේ දැවටුනා.

" බබා වගේ නින්දේ ඉන්න ලස්සන..මොකුත් නොකරා වගේ.."

අයුකට ලෝභයි ඇහැරන්න..තව ටිකකින් කාමරේ පුරාම ඒ සුවඳ විතරක්ම ඉතිරි කරලා යුග්ම යනවා කියලා මතක් වෙද්දි අයුකට දුක හිතුනා.

හැමදාම මෙහෙම ඉන්න තිබ්බා නම්..පර්ෆියුම් සුවඳවල් නැති උනාට ප්‍රැක්ටිස් ඉදලා අවුවේ කරවෙලා පන්ති අස්සේ තැම්බිලා ආව කොල්ලා ළඟ තිබුණෙම දාඬිය ගඳ..ඒත් අයුකට කිසිම හිරිකිතයක් දැනුනේ නෑ..අයුක තාමත් ඒ පියවෙලා තියෙන ඇස් දිහා බලාගෙන හිසකෙස් අතර ඇඟිලි යවනවා.

" පව්..මහන්සි ඇති..තේ එකක්වත් තිබ්බා නම්.."

ඒත් අයුකට නැගිටලා යන්න ලෝබයි..අයුක හෙමීට ආයෙම අම්මාට කෝල් එකක් ගත්තා.

" මොකෝ..කොල්ලා නැගිට්ටාද..?"

" නෑ..අනේ අම්මේ තේකක්..."

" මං පද්මාට කියන්නම්.."

" එපා...අම්මා හදන්න..වෙන අයට කියන්න එපා..තේ එක හදලා ඉවර වෙලා පද්මාට කියන්න ට්‍රොලියේ ගෙනල්ලා දොර ළඟින් තියන්න කියලා..."

" යකෝ..මුන් මිනිස්සු ගෙන්න ගන්නයි..මං තේ හදන්නයි..ඔච්චරම ආදරෙයි නම් උඹ පහළට ඇවිත් හදන් පලයං.."

" මං එන්න බෑ අම්මා..මෙයා නිදි..නැත්නම් මං හදන් යනවා ඇවිත්.."

" ඕ..උඹට එන්න බැරි..පොඩි එකා තනේ කිරි උරනවා ඇති.."

යුග් (Just For You - Season 02)Where stories live. Discover now