Chapter 32

2.3K 390 60
                                    

රුසියාවට ඇවිත් සතියකට වඩා ගත වෙලා.නුපුරුදු රටක නෙහාරව තනියම දාලා යන්න බැරි නිසාම ප්‍රතාප් සතියක්ම නිවාඩු ගත්තා.නෙහාර එක්ක ඇවිද්දා..ඒත් ඒ දෙන්නා අතර අමුතු දුරස් වීමක් නිහඬ බවක් තිබුණා..ප්‍රතාප්ගේ අත එක මොහොතකට නෙහාරගේ අත අත් නොහැරියත් නෙහාර අහන අහන ප්‍රශ්නෙට උත්තර දුන්නත්,රටේ දේවල් ගැන කියා දුන්නත් රෑට වෙනදා වගේම තමන්ව තුරුළු කරගෙන නිදාගත්තත් නෙහාරට අඩුපාඩුවක් දැනුනා.ප්‍රතාප්ටත් ඒ දේ එහෙමම දැනුනා.කොච්චර ළං උනත් අමුතු දුර බවක්.

"නෙහාර මං හෙට ඉදන් ඔෆිස්‍ යනවා..ඔයාට මං එනකල් ඉන්න පුළුවන් නේද?"

" ම්ම්ම්..."

" ඔයාට ඕනි හැමදෙයක්ම මං ලෑස්ති කරලා තියෙන්නේ..චිප්ස් පැකට් පවා.."

" හ්ම්ම්.."

" එළියට බහින්න එපා..මං එනකල් තනියම.."

" මං තනියම කොහේ යන්නද අයියේ මෙහේ ඔයා නැතුව.."

" ම්ම්ම්.."

එතනින් එහාට ඒ කතාවට තිතක් වැටෙද්දි නෙහාරගේ ඔලුවට ice cap එක දාපු ප්‍රතාප් ලොම් පොරෝනාවකින් නෙහාරව වැහුවේ නුහුරු දේශගුණය නිසා නෙහාර ලෙඩ වෙයි කියන බයට.

පුරුදු විදිහට නෙහාරව තමන්ගේ තුරුලට ගත්ත ප්‍රතාප් ඇස් දෙක පියා ගත්තේ නෙහාරගේ හිසත් සිඹින ගමන්.

" අයියේ..."

" ම්ම්ම්..."

" අපි දැන් සති ගාණක්..ඒක..ඒක..කලේ නෑනේ.."

" නිදාගන්න නෙහාර..හෙට මං ඔෆිස් යන්න ඕනි.."

" ඒත්..."

" ෂ්..."

" අයියේ..."

නෙහාර ප්‍රතාප්ගේ ජර්සි එක අත් දෙකෙන්ම අල්ලගෙන හොරෙන් වගේ ප්‍රතාප් දිහා බලන් හිටියේ ප්‍රතාප් ඇස් ඇරලා එයා දිහා බලනකල්.ඒත් ප්‍රතාප් කලේ ඇයි කියලවත් නාහා හෙමින් නෙහාරගේ කොන්ද මසාජ් කරපු එක වෙද්දි නෙහාර හෙමින් ප්‍රතාප් උරහිස කෙනිත්තුවේ ප්‍රතාප් දිහාම බලාගෙන.

" Baby please.."

ප්‍රතාප් අද ටිකක් කලබලයි..මොකක්ම හරි ප්‍රශ්නෙක.උදේ ඉදන් නෙහාරට හැංගි හැංගි කෝල්..එහාට ඇවිදිනවා මොනවදෝ කල්පනා කරනවා..ඇයි ඇහුවත් කියන්නේ නැති වෙද්දි නෙහාරට ඕනි උනේ ප්‍රතාප්ට පොඩි හරි සැනසීමක් ලබා දෙන්න.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now