Chapter 9

2.5K 361 56
                                    

උදේම ලෑස්ති උන යුග්ම බයික් එකේ යතුර ගත්තේ බත් කව කව උන්න නෙහාරගේ ඇස් දෙක ජිල් බෝල වෙද්දි.

"පොඩී...කොහෙද යන්නේ උදේ..?"

"ඉස්කෝලේ..."

"බයික් එකේ..?"

"ඔව්..."

"එපා පොඩී..බස් එකේ යන්නකෝ..බස් එකේ බැරි නම් මං අප්.."

යුග්ම ගිහිල්ලත් ඉවරයි..බත් එකත් ඉතිරි වෙද්දි.යුගාන්ට නම් ගානක් නෑ..ඔය එළියට ගියාට යුගාන් එනකල් යුග්ම ඉන්නවා කියලා දන්න නිසා යුගාන් කිඹුල් පැටියා වගේ කට ඇරන් ඉන්නවා බත් පිඟානට..

"අම්මී..."

"ම්ම්ම්.."

"අප්පච්චි වැඩිය කතා කරන්නේ නැති වෙද්දි ඔයාට දුක හිතෙනවද..?"

"ම්හ්..නෑ..එයාව තේරුම් ගන්න පුළුවන් මට..."

"ඒත් අම්මේ..තරහා යන්න්...ඒ අම්මී...අන්න අර පකා ගියා...මලහත්තිහුත්තයි...අර පකා ගියා...අහ්හ්හ්..ආව්ව්ව්හ්..."

යුග්මගේ බයික් එකේ සද්දෙ ඇහිලා යුග්ම ගියා කියලා තේරුම් ගත්ත යුගාන්ගේ කටින් කුණුහරප කියවෙද්දි පිටහරහාට ඩෝං ඩෝං ගාලා දෙක තුනක් නෙලන්න නෙහාර අමතක කලේ නෑ.

"ආව්...අම්මේ...ඇයි අනේ පැටියාට ගැහුවේ..."

"ගැහුවේ...මොනාද කියන වචන ආහ්..මොනාද කියන වචන..."

නෙහාර ඒක කියන ගමන් තව පාරක් පිටමැදටම අතහැරියේ යුගාන් පිටත් අල්ලගෙන ඇඹරෙද්දිය.

"කොල්ලෝ කුණුහරප කියනවා අප්පා..ගහන්නේ ඇයි ඉතින්..ම්හුක්..මහා හොඳ නෑ...රිදුණා අම්මි..."

"රිදෙන්න තමා ගැහුවේ..හරිම අගෙයි හැදෙන විදිහ නම්..ආ...ආ..ආ කියනවා..."

"මට ඕන්නෑ...මහා ඕන්නෑ අප්පා..මං යනවා.."

වැදුණු පාරවල් රිදුණ නිසා කොල්ලාගේ ඇස් දෙකේ කදුළු පිරිලා තිබ්බේ.ඒ අස්සේ යුග්ම දාලා ගිය එකටත් තරහක් හිතේ තියෙද්දි නෙහාර කටට ලං කර බත්කට තල්ලු කරලා දාලා බෑග් එකත් අරන් කොල්ලා නැඟිට්ටේ බස් එකට යන්න.

"අනේ පැටියෝ..මේ ටිකත් කාලා යන්න වස්තුව..."

"එපා කිව්වානේ මං සැරයක්.." 

යුග් (Just For You - Season 02)Where stories live. Discover now