Chapter 26

2.8K 396 165
                                    

ඉස්කෝලෙට ආපු යුගාන් , යුග්ම පිට්ටනියට යනකල් බලන් හිටියා වගේම පිට්ටනිය මැද කැඩෙට් ටීම් එක එක්ක උන්න මන්ධීර්වත් දැක්කා.මන්ධීර්ත් යුගාන් දිහා බලලා ආපහු එයා කර කර හිටපු වැඩේටම අවදානේ දුන්නා.

ක්ලාස් එකට යනවා වෙනුවට මන්ධීර් ඊයේ රෑ කිව්වා වගේ ඉස්කෝලේ පැත්තකට වෙන්න තිබුණු wash room එක ඇතුලට ගියා.

" අහ්..."

මොකක්දෝ බර කල්පනාවක හිටපු යුගාන්ගේ කල්පනාව බිඳුණේ එයා ඉස්සරහා හිට ගත්තු මන්ධීර් අසුරු බිඳපු නිසා.

" ගෙනාවද..?"

මන්ධීර්ගේ ප්‍රශ්නෙට වචනෙන් නැතිව ඔලුව හොල්ලපු යුගාන් ආයෙම වතාවක් මන්ධීර් දිහා බලලා හිනා උනා.මන්ධීර්ගෙන් නම් පෙරලා හිනාවක් ලැබුණේ නෑ..හැබැයි ඒ ඇස් වල යුගාන්ට නොතේරෙන හැඟීමක් ලියවුණා.

" තමුසේ කෙල්ලෙක්ටත් වඩා ලස්සනයි..පොඩි එකෙකුටත් වඩා හුරතල්.."

" විකාර.."

මන්ධීර්ගේ ඇස් බැල්මත් එක්ක ලැජ්ජා හිතුණු යුගාන් බිම බලා ගනිද්දි මන්ධීර්ගේ ඇස් නම් යුගාන්ගෙන් එහාට ගියේ නෑ.ලැජ්ජාව  පැත්තකින් තියලා යුගාන් මන්ධීර් දිහා බැලුවානන්..ඒත් තේරුමක් නෑ..මන්ධීර්ගේ ඇස් වල පිරිලා තියෙන රාගය කියන හැඟීම ගැන යුගාන්ට අල්පමාත්‍රයකවත් දැනුමක් තිබුණේ නෑ.

" ම්ම්ම්..."

මන්ධීර්ව මගහැරලා බෑග් එක ඇරපු යුගාන් ලස්සන ප්ලාස්ටික් බොක්ස් එකක් මන්ධීර්ගේ අතේ තිබ්බා.

ඒකේ තිබුණේ ඊයේ නෙහාරගෙනුත් උදව් අරන් හදපු කට්ලට් වගයක්.නෙහාර හදපු කිසි දෙයක් ප්‍රතාප් නොකන නිසයි යුගාන් ප්‍රතාප් වෙනුවෙන් කට්ලට් හැදුවේ.යුගාන් කියන්නේ ආදරේට ලෝබ කෙනෙක්..එයා ආසයි මොනවා හරි දෙයක් කරලා කෙනෙක්ගේ ආදරේ අවදානේ එයාට ලබා ගන්න.ප්‍රතාප් වැඩිය කතා නොකරන තද සැර මනුස්සයෙක් උනත් අප්පච්චිගේ පැසසුමක් ආදරණීය බැල්මක් ලබන්න මොන පුතාද අකමැති.අනික හිතුවක්කාරකමට නොකා හිටියට ප්‍රතාප්ට කඩකෑම අරහන්.ඉතින් යුගාන්ට ඕනි උනේ  අප්පච්චිට මොනා හරි කන්න හදලා දෙන්න..පහුගිය සතියම යුගාන්ගේ වැඩේ ඒක..නූඩ්ල්ස් එකක් හරි හදාගෙන ගිහින් ප්‍රතාප්ට දෙනවා.

යුග් (Just For You - Season 02)Where stories live. Discover now