💕chapter 13💕(kill him)

392 59 2
                                    

One year later

So ah's POV

එදා ඉඳලා මායි කුකියි හොඳම යාලුවෝ උනා.කුකිත් දැන් ඉස්සර වගේ නපුරුp නෑ.හරි ජොලි කොල්ලෙක්.හැම වෙලේම හිනා වෙලාමයි ඉන්නෙ.මාව කොල්ලොන්ගෙන් බේරගන්නෙත් එයා.කොල්ලොන්ගෙන් කියන්නෙ බෝ ගම් වගේ අයගෙන්.

යුනි එකේ මේ වෙද්දි කෙල්ලො අතර හැන්ඩි කොල්ලො 7ක් ප්‍රසිද්ධයි.ටේමින්කුක් තුන් දෙනාට අමතරව තව හතර දෙනෙක්.එක්කෙනෙක් අපේ යුනි එකේ අයිතිකාර ඔප්පා.කිම් නැම් ජූන්.එයාගෙ ඩිම්පල් හිනාවෙන් යුනි එකේ කෙල්ලො ගොඩ දෙනෙක්ව එයාගෙ පැත්තට නම්මහෙන ඉන්නෙ.එයාට වශී නොවී තියෙයියැ උසට උසේ,කණ්ණාඩි දෙක්කුත්  දාගෙන,ඩිම්පල් හිනාවත් දාගෙන ඉද්දි.

තව කෙනෙක් තමා අපේ සන්ශයින් ඔප්පා.ජන්ග් හෝසෝක්.එයානම් යුනි එකේ කෙල්ලොන්ව පිස්සු වට්ටන්නෙ එයාගෙ ඩාන්සිංවලින් සහ එයාගෙ ලස්සන සන්ශයින් හිනාවෙන්.අම්මෝ ඒ හිනාව උදේ පාන්දරට දැක්කොත් දවසම සුබයි.මෙයා අපේ ඔප්පගෙ ඩාන්සිං සර් උනාට මේ දවස්වල යුනි එකේ වැඩ.ඩාන්සිං ප්‍රොෆෙසර් මෙයානෙ.සමහර කෙල්ලො,කොල්ලො මෙයා නිසාම ඩාන්සිං කරනවා.

කෙල්ලො පිස්සු වැටුන අනිත් කෙනා නම් එසේ මෙසේ කෙනෙක් නෙවේ.world wide handsome.කිම් ස්‍යොක් ජින්.මෙයා දිහා නම් බැලුවත් ඇති වශී වෙන්න.ප්‍රොබ්ලම් එක තමා මීශා ඔන්නි.අනිත් අය වගේ මෙයා තනිකඩ නෑනෙ පෙන්ස්.ඒ නිසා මෙයා පස්සෙන් එන කෙල්ලො නිසා මිශා ඔන්නිගෙන් බැනුම් අහන්නෙත්, ගුටි කන්නෙත් ජින් ඔප්පමයි.පව් අසරණයා.

එතකොට මේ කෙල්ලො වහවැටිලා ඉන්න අනිත් එකා කවුද කියනව නම්
.............ඒ ඉතින් මගෙ ඔප්පා.මින් යුන් ගි.එයත් මේ දවස්වල යුනි එකේ වැඩ.අයිඩල් කෙනෙක් වෙන්න ඕන උනාට  අන්තිමේදි නතර උනේ පියානෝ මාස්ටර් කෙනෙක් වෙලා.කියන්නත් සන්තෝසයි කැම්පස් එකේ පියානො මාස්ටර් මගෙ ඔප්පා මිත්‍රවරුනෙ.....

කොහොම උනත් මායි මගෙ බොක්කෙ යාලුවෝ දෙන්නයි මේ හත් දෙනා එක්කම ෆිට් එකේ ඉන්න හින්දා යුනි එකේ අනිත් කෙල්ලො අපි එක්ක හෙන තරහයි.අනේ ඉතින් අපිට කිම්චි ද....නෑනෙ නෑනේ......අපි සැලෙනවද .....නෑ නෙ..නෑ...නේ.......

𝙱𝚞𝚗𝚗𝚢 𝙰𝚗𝚍 𝚃𝚑𝚎 𝙲𝚛𝚊𝚣𝚢 𝙶𝚒𝚛𝚕 ||𝕁𝕁𝕂|| (COMPLICATED ✅)Where stories live. Discover now