7

203 67 8
                                    

Adrien pov... 🐱

අම්මා නැති උනාට පස්සේ ඒඩ්‍රියන් මැරුනා....ඔව්...මම මැරුනා...
විනෝදය මගෙන් ඈත් උනා....
මම සැරින් සැරේ ලෙඩ උනා...
අවසානේ අවුරුදු දහයක මතකයක් මට නැති උනා....නිනෝ විතරයි මගෙ මතකෙ හිටියේ...
එදා ඉදන් මම තාත්තාගේ සෙල්ලම් බඩුවක් උනා...

කගමිට මම කැමති නෑ...මේක බිස්නස් නිසා වෙන දෙයක්....තාත්තා කියන නිසා මම කගමිව ආශ්‍රය කරනවා....

මුලින්ම යුනි එකට ආපු දවසෙ තමා මම එයාව දැක්කේ...නිල් පාට ලොකු ඇස්...රෑ අහස වගේ කොන්ඩේ....නීනෝ මට එයාව අදුන්වලා දුන්නා...මැරීනෙට්...ලස්සන නමක්...ටිකක් හුරුයි වගේ....
ඒත් මට එයා එක්ක කතා කරන්න හම්බුනේ නෑ....

එයා එක්ක හිටිය කොල්ලා එයාගේ බෝයිෆ්‍රෙන් වෙන්න ඇති....ඔව්...එයා වගේ ලස්සන කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන්නෙ පුදුමයක්නේ....ඒ කොල්ලව එයාට හොදට මැච් වෙනවා..

💟 ඒඩ්‍රියන්...ඔයාගේ අයිස්ක්‍රිම් එක දිය වෙනවා...

කගමිගේ හඩින් මම පියවි සිහියට ආවා...

🐱 අහ්...අමතක උනා...

💟 ඔයා වෙන සිහියක නේද ඉන්නේ.....

🐱 නෑ කගමි....

ඒ එක්කම අපිට එහා පැත්තේ තිබ්බ අයිස්ක්‍රීම් වාහනේ ගාවට මැරීනෙට්ව ඇදන් ආවේ එයාගේ අර කොල්ලා....ලූකා...මම ඒ පැත්තට සම්පූර්න අවදානේ දුන්නා...

🐍 මැරී...මොනාද කන්නේ...

❤️ ඇහ්...මගෙන්ද ඇහුවේ...

🐍 නෑනේ....ඔයාගේ අක්කාගෙන්..

❤️ මට අක්කෙක් නෑනේ...ලූකා....

🐍 අයියෝ....මෙහෙම ගොං ගහක්..ඔයාගෙන් තමා ඇහුවේ...

❤️ 😁හී...ඔයා කන එකක් මටත් ගන්න...

🐍 ඔයා කියන්න...

❤️ මම ඔක්කොම කනවා....

ලූකා මැරීනෙට්ගේ කරට අත දාන්ම අයිස්ක්‍රීම් දෙකක් අරන් එකක් එයාට දුන්නා....

ඒ කෙල්ල ගොඩක් කියුට්....රෝස පාට කම්මුල්...හිනා වෙද්දි චූටි වෙන ඇස්....එයා ගොඩක් ලස්සනයි....රෝස මලක් වගේ...
එයා අයිස් එක කකා ඉද්දි එයාගේ නහයෙයි කට වටෙයි අයිස්ක්‍රිම්...මට හිනා යන්න ආවත් මම හිනාව තද කර ගත්තේ කගමි ඉන්න නිසා...

🐍 නහයෙන්ද කන්නේ...

❤️ ඔයාට එහෙමද පේන්නේ...

🐍 ආල්‍යා කිව්වා හරි...ඔයා එක්ක කතා කරන්න බෑ...

ලූකා ලේන්සුවක් අරන් මැරීනට්ගෙ කට වටෙ පිහ දැම්මා....මැරීනට් බබෙක් වගේ තොල් දෙකත් උල් කරන් ඉන්ම හැටි දැක්කම මට මගේ පාලනය නැති වෙනවා වගේ දැනුනේ...
















😁 බහුතර ඉල්ලීම මත ඒඩ්‍රියන් කොලුවාට ඊරිසියාවේ රස බැලිමට දුන්නෙමි

Really for you✔️✔️Where stories live. Discover now