2

301 77 11
                                    

වසර 8 කට පසූ.....



"යේහේ....අපි එහෙනම් යුනිවසිටි යනවා..."

"ඔව්...ඒක ඇත්ත...ඒත් කෑ ගහන්න තරම් දෙයක් නෙමේ...නිවාඩුව ඉවර උනාම යුනිවසිටි පටන් ගන්නවා තමයි.."

මගේ සුන්දර මනෝලෝකෙට ගලකින් ගහපු පාපකාරි පරම මිතුරිය තමා ආල්‍යා...දැන් මට දහ අටක්...යුනිවසිටි යනෝ...ඒත් ඉස්සර වගේමයි...

"හරි ඉතින්...ආය පටන් ගන්නවනේ.."

"ඔයාව නම් හදන්න බෑ මැරීනෙට්...ආ..ඒක නෙමේ මේ බලන්නකෝ..."

ආල්‍යා එයාගේ ෆෝන් එක මට දික් කරා...ඒකේ තිබ්බෙ ෆොටෝ එකක්...දැකල පුරුදුයි..

"කවුද මේ..."

"සිරාවටම මතක නැද්ද..."

"ටිකක් මතකයි.."

"මේ ඒඩ්‍රියන්..."

ඒ...ඩ්‍රි....ය....න්...මට ඒ ටික ඇහුනෙ ස්ලෝමෝශන්....ආල්‍යාගේ පෝන් එක උදුරන් මම ඒක දිහා කන්න වගේ බලන් හිටියා...සෑ වෑව්...කොල්ලා උස ගිහින්...තව ලස්සන වෙලා..

"ඔය කෙල ටික පිහා ගනින්..."

මේකිට මගේ මනෝ ලෝක බිදිනවා ඇර වෙන වැඩක් නැද්ද මන්දා...

"එයා ලස්සන වෙලා..."

"ඔව්..දන්නවද...එයා අපේ යුනි එකට එනවලු..."

මල් වැස්සක් වැස්සා දේවදූතයෝ සින්දු කිව්වා මට ඉන්න තැන අමතක උනා මම උඩ පැන පැන නටන්න ගත්තා...

"ඕයේ....එයා මාව අදුරගනීද...සෑ වෑව්...දරාගන්න බෑ..."

"මෙහෙමයි...එයා දැන් ටිකක් වෙනස්..."

මම දගලන එක නතර කරලා ආල්‍යා දිහාට හැරුනා..

"මොකක්..."

"එයා දැන් ඉස්සර වගේ පිස්සු කියවන්නෙ නෑලු...."

"නිනෝද කිව්වේ...."

"හ්ම්...එයා තමයි...."



පිස්සු පණු නැටිලි ඔක්කොම අමතක කරලා මම ආල්‍යා එක්ක හිමීට ඇවිදන් ගියා...

"ඒක නෙමේ කෙල්ලේ ක්ලෝයි ගෙන් කොල්ලව පරිස්සම් කරගන්න.."

"ව්ලෑ..."

ක්ලෝයි කියන්නේ නගරාදිපතිගෙ දුව...මට පේන්න බෑ...නිකම් මුලු ලෝකෙම අග රැජින එයා වගේ පාට් එකකින් ඉන්නේ...ක්ලෝයිගේ යාලුවා තමා සබ්‍රිනා ක්ලෝයි කියන ඕන දෙයක් සබ්‍රිනා හිස මුදුනින් පිලි අරන් කරනවා...






😁💫 ප්‍රදාන චරිත ටික හරි

Really for you✔️✔️Where stories live. Discover now