4

245 69 8
                                    

ගෙදරට ගිහින් පොත් බෑග් එක ගුවන් ගත කරලා මම ඇදට පැන්නා...මාර කම්මැලියි..

ඒඩ්‍රියන් නම් මේ වෙලාවට කඩු සටන් පුරුදු වෙනවා....හී....මම එයාගෙ මුලු ටයිම් ටේබල් එකම දන්නවා...

@Next day...


"අදත් ඒඩ්‍රියන් එනෝ...."

ආල්‍යා මගේ අතින් අල්ලලා නැවැත්තුවේ නැත්තම් මම වාහනේට හැප්පිලා සෙට්ටපෝච්චි...

"පොඩ්ඩක් සිහියෙන් යනවකෝ..."

ආල්‍යා මා දිහාවත් නොබලා කිව්වා.

"කවුද දන්නෙ නෑ පෝන් එක දිහාම බලන් ඉන්නේ..."

"අයියෝ මැරීනට්...ඔයා දන්නවද අර මම කිව්ව රොක්ස්ටාර් කොල්ලා දවසින් කෙල්ලො බර ගානක් පිස්සු වට්ටලා...ඒඩ්‍රියනුත් දෙවනි නෑ...දෙන්නටම කෙල්ලො වශී වෙලා..."

"මගෙ කොල්ලට කෙල හලන්න කාටවත් බෑ...හූම්.."

යුනි එකේ ගේට්ටුව ගාවට ඇවිත් මම ගැම්මෙන් කිව්වේ ඒඩ්‍රියන් හච්චිං අරින හැටි මතක් කරන්...සෝ කියුට් අෆ්ෆා...දැක්කම පාවෙනවා...

"ඒ...මැරීනට්...අර...අලුත් ලමයි..."

ආල්‍යා මට ඇගිල්ලකින් ඇන්නා..

කගමි...අලි ඔලුව තියන කෙල්ලෙක්...මට හිතුනෙ එහෙමයි...එයාගේ කොන්ඩෙ හෙල්මට් එකක් වගේ ...ර්..ර්...ර්..මට එයාව එපා උනා...

ලීලා...එයා ආවේ හෙලිකොප්ටර් එකකින්...එයාගෙත් ලොකු කම...මේ පාර අලුතින් ආව කවුරුත් හොද නෑ...

සෝයි ඇර...ක්ලෝයිගේ සහෝදරියක් උනත් සෝයි අහින්සක කෙල්ලෙක් කියලයි මට හිතුනේ...

"සෝයි ක්ලෝයි වගේ නෙමේ...මෝස්තර නෑ අහින්සකයි...එයා රෝස් එක්ක යාලු උන එකෙන්ම හිතන්නකෝ..."

මම හිතපු එක තේරිලා වගේ ආල්‍යා කිව්වා...

"මැරීනෙට්..."

කොහෙන්ද මන්දා එහෙම ඇහෙනවත් එක්කම එකපාර මගෙ හුස්ම හිර උනා..







🙂 පවර්ස් දාන්නෙ නැ..

එතකොට කොපියක් වගේ වෙයි කීලා හිතෙනෝ

මැරීනෙට්ට මොකො උනේ...

Really for you✔️✔️Where stories live. Discover now