3

267 73 9
                                    

"ආ..ඒක නෙමේ...ඒඩ්‍රියන් ඔයාව අදුර නොගත්තොත් කලබල වෙන්න එපා..."

පන්තියට අඩිය තියද්දිම ආල්‍යා කිව්වේ සන්සුන් වෙච්ච මගේ හිත ආයමත් ටිකක් ගස්සලා...

"මැරීනේට්...ඔයා බාවනා කරනවද.."

පන්තියෙ කෙලවර මේසෙක ඉදපු රෝස් කෑ ගහපු නිසා මේ ලෝකෙට ඇවිත් මම ආල්‍යාට එහා පැත්තේ වාඩි උනා..රෝස් තමා ක්ලාස් එකෙ කියුට්ම අහින්සකම කෙල්ල...

වෙනදා වගේම කම්මැලි බෝරිං විශය කරුනු ටිකක් ඔලුවලට පුරෝලා මිස් ක්ලාස් එකේ දොර ඇරියා...

"අද අපිට අලුතින් දෙන්නෙක් එකතු වෙනවා...ඒඩ්‍රියන්...නිනෝ ඔයාලාව පිලිගන්නවා..."

මිස් ඒක කියද්දි මම බලන් හිටියෙ ඒඩ්‍රියන් දිහා...කහ පාට සුරුං බුරුං කොන්ඩේ ඒ වගේමයි මීටර් කෝදුවට වඩා යාන්තන් උසට හිටිය එයා දැන් මීටර් කෝදු දෙකක් විතර උසයි...අම්මෝ ඒ මූන..අවුරුදු අටක්...ඒත් එයාට මුකුත් මතක නෑ වගේ...

ආය ඉතිං බෝරිං විශය කරුනු...

යුනිවසිටි ඉවර උන ගමන් ආල්‍යා මගේ අතින් ඇදන් ක්ලාස් එකෙන් එලියට දිව්වා..

"ආල්‍යා...මොකො බං මේ..."

"මොකෝ තමා..උබ ඒඩ්‍රියන් දිහා බලන් හිටිය හැටියට මන් හිතුවෙ උබ ඒ අහින්සකයව ගිලී කියලා..."

"ගිලින්නත් බැරි නෑ"

ආල්‍යා නිකම් මොංගල්ද වගේ ලුක් එකක් දාලා ආය මා එක්කම හිමීට ඉස්සරහට ගියා..

"මේ ටිකේ අලුත් ලමයි කීපදෙනෙක් ඇවිත්..."

ආල්‍යා පෝන් එකට කොටන්න ගත්තා..ඒකිට ඕකෙන් තොර ලෝකයක් නෑ...සමාජ මාද්‍ය කාලා වතුර බීලා ඉන්නේ...හැම ඕපා දූපයක්ම දාන්න ලොග් එකද බ්ලොග් එකද මොකක්ද මන්දා එකක් හදන් ඉන්නවා..

"කවුද අලුත් අය...අද ආවේ දෙන්නායිනේ..."

"අනිත් අයත් එයි..."

"කවුද කියන්නකෝ..."

"ඒඩ්‍රියන්...නිනෝ ...තව ක්ලෝයිගේ නෑදෑ සහෝදරියක් ඇවිත්..සෝයි (zeo lee) කියලා...තව කගමි , ලීලා රොක් ස්ටාර් කෙනෙකුත් ඇවිත්ලු..."

"අපේ වයසෙ රොක්ස්ටාර්.."

"නෑ...එයා අර අරයාගෙ නෑයෙක්ද කොහෙද...නම මතක නෑ අෆ්ෆා....කරුමෙට ඒ කොල්ලාගෙ නමත් මතක නෑ...එයා නිවාඩු කාලේ මග ඇරුනු ඔක්කොම ඉගන ගෙන.."

"මාර මොලයක්නෙ.."

"මාත් එකගයි..."








🙂 සුපර් පවර්ස් දාන්නද එපාද

Really for you✔️✔️Where stories live. Discover now