PAGE NO - 36

586 101 8
                                    

🌸🌸🌸🌸🌸 සූහී 🌸🌸🌸🌸🌸

එයා එනවා කියලා මන් දන්න නිසා මන් එයා ආසම කෑම ඉව්වා.. මන් දන්නවා එයා ඉන්නේ ගොඩක් දුකින් මහන්සියෙන්.. පොඩි වෙලාවකට හරි එයාට සැනසීමක් වෙන්න මන් මගේ හැම දුකක්ම පැත්තකට කලා..

මන් කෑම ටික මේසෙට අරිද්දී එයා දොරත් ඇරගෙන ඇතුලට ආවා.. ඒ ඇස් හොදටම රතු වෙලා.. මහන්සියට එයාගේ ඇස් ඉදිමිලා.. මූණත් එක්කම මැලවිලා.. මට එයා ගැන ලොකු දුකක් ආවා.. මන් එයා ගාවට ඇවිදන් ගියා.. ඒ වගේම එයත් මගේ ලගට ආවා.. ඒ ඇවිත් ඒ සීතල තොල්වලින් මගේ තොල් වලට ලගින්ම කම්මුලට එයා ආදර්ණීය හාදුවක් දුන්නා.. ඒ හාදුව මගේ ඇස් නිකන්ම පිය කලේ.. ඒ හාදුව ඇතුලේ තිබුණ ඒ ආදරය මට දැනුන නිසා..

" ටේහ්......." මන් එයාගේ මූණ ආදරයෙන් පිරිමදින ගමන් එයාට කතා.. කලා..

" මන් wash එකක් දාගන එන්නම්.. ම්ම්.. "

" හ්ම්ම්.. "

ටේහ් wash එකක් දාගන ආවාට පස්සේ අපි කෑම කෑවා.. කාලා මම kitchen  එක අස් කරලා එද්දී පුටුවේ ඉදගන ඔලුවත් බිමට නමාගන කල්පනා කරනවා.. ඔලුවත් හරියට පිහදාගන නැතුව.. ටේහ් මාත් එක්ක තාම හරියකට කතා කලෙත් නෑ.. ඔව් ඔයා දුකෙන් ඉන්නේ හෙට යන්න වෙන නිසා..

" කෝ ඉතිං මේ බබා කොණ්ඩේ පිහදාගෙන නෑනේ... ම්ම්.. අසනීප වෙන්නද හදන්නේ.. "

මන් එහෙම කියන ගමන් එයාගේ ඔලුව පිහදැම්මා.. තාමත් බිම බලාගන ලොකු කල්පනාවක ඉන්නේ. 

" ටේහ්.. කෝ..  මන් දිහා බලන්න ඔයාට මහන්සි නේද.. ම්ම්.. එන්න නිදාගන්න" මන් එයාව එක්කන් ඇවිත් ඇදෙන් නිදි කරවලා යන්න හදද්දිම එයා මගේ අතින් අල්ලලා මාව නතර කලා..

" සූහී මන් ගාවට එන්න.."

" ම්ම්.. හරි ඔන්න මන් ආවා.. "
මන් එයාගේ එහාපැත්තෙම නිදාගන එයාට තුරුල් උනා.. එයා මාව ගොඩක් ලන් කරගත්තා ඒ හුස්ම ඒ හදගැස්ම ඒ උණුසුම මට හොදටම දැනෙනවා..

" මාත් එක්ක තරහා නැද්ද.. ම්ම්.."

" අනී "

" සූ.. මට ඔයාට කියන්න දෙයක් තියනවා.. "

" මුකුත් කියන්න එපා මන් දන්නවා.. ඔයාට හෙට අමෙරිකා යන්න වෙනවා නේද.. "

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now