PAGE NO - 13

729 129 8
                                    




සූහී...

මගේ ජීවිතය එන්න එන්නම මාව පුදුම කරනවද කියලා මට හිතුනා. ජීවිතයේ ගත කරපු සුන්දරම වගේම ආදරණීයම දවස අවසන් කරලා මන් කාමරයට ආවේ කියාගන්න තේරෙන්නේ නැති සතුටකින්.

ඊයේ දවසේ අර කාමුකයගේන් මාව උණුසුම් තුරුලකට ගත්තා මට මතක තිබුණත් ඒ කවුද කියලා මම දැනගත්තේ මාව අද උදේ ටේහයුන්ග්-ෂි එයාගේ තුරුලට තුරුල් කරගත්ත මොහොතේ.

ඒ උණුසුම ඒ හදගැස්ම ඒ රැකවරණය මට ඒ පපුවට තුරුල් උනාම ඒ විදියටම දැනුනා. මගේ හැමදේම එයාට අයිති කියලා එයා මගේ මූණ පුරා එයාගේ හාදු වලින් රටා ඇන්ද මොහොත මගේ ජීවිතයේ හැම කටුක මොහොතක්ම මගෙන් ඈත් කලා කියලයි මට දැනුනේ. දරාගෙන ඉන්න බැරි තරම් වේදනාවකුත් ටේහයුන්ග්-ෂිගේ ඉස්සරහට යන්නත් මගේ තිබුණ වරදකාරි හැගීමත් මේ හැම දෙයක්ම එයා ඒ සිපගැනීම් වලින් මගෙන් ඈත් කලා.

හැමදේටම වැඩිය එයා මට කියපු එක දෙයක් මගේ හිතේ තැන්පත් උනා. ඒ එයාව මම රිද්දුවා කියන එක. මට රිදුනම එයාටත් රිදෙනවා කිව්වම මට දැනුනේ මන් තව දුරටත් මේ ලෝකේ තනි වෙලා නෑ කියලා.

මගේ හිතුවක්කාරකමට මගේ මුරණ්ඩු වැඩ වලට එයා බැන්නේ මගේ අයිතිකාරයා වගේ. ඒත් මන් මොහොතකින් හරියටම දැනගත්තා එයා තමා මගේ හැම දේකම අයිතිකාරයා කියලා.

මාව හරහට වඩාගන එයා මාව එයාගේ ඇදෙන් ඉන්දවනකොටත් මම හිටියේ හොදටම ලැජ්ජාවෙන්. එයාගේ හදිසි සිපගැනීම් මාව පුදුම කලත් ඒ හැම සිපගැනීමකම මට දැනුනේ ආදරය විතරයි. එයා මගේ මූණ මෘදුව සිපගද්දී මගේ කදුලු එයාගේ දිගටි ඇගිලි වලින් පිහදාද්දි මට එයාගේ ආදරය රැකවරණය තව තවත් දැනුනා.

අපි හිටියේ අපේ ඇස් දිහා බලාගන. එයා තමා මගේ හැමදේම ... ඒ දේ මගේ හිත කෑ ගහලා කියනවා මන් එයාගේ ඇස් දිහා බලාගන හදවතින් ඒක එයාට කිව්වා ඒ මොහොතේ එයා අපේ සුසුමක් විතරක් අපි අතර ඇති වෙන තරම් මට ලන් උනා.

ඒ ලන්වීමත් එක්කම එයා මගේ විවෘතව තියෙන බෙල්ලත් උරහිසත් ආදරණීය ලෙස පිරිමදිද්දි මගේ ඇස් පියවුනේ ඒ ස්පර්ශය මාව සනසන මාව ජීවිත් කරවන්න තරම් හැකියාවක් තියෙන ස්පර්ශයක් බව එයා මාව ස්පර්ශ කරන හැම මොහොතකම මට දැනුන නිසා.

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now