PAGE NO - 07

845 147 15
                                    


ටේහයුන්ග්.....

සූහී හොදටම අඩනවා නවත්තන්නේ නැතුව එයා ජීවිතයේ මෙච්චර දුක් විදින කෙනෙක් කියලා දැනුනම මට පුදුම හිතුනා. එයා හරියකට ආදරයක් රැකවරණයක් නොලැබෙන කෙනෙක්. එහෙම එයා පුංචිම දේටත් අඩන එක පුදුමයක් නෙමේ.

මම සූහී ගේ ඔප්පා ගාවට ගියාම එයා මාව ආදරයෙන් වැලදගත්තා. කරන්න තිබුණ හොදම දේ කියලා හිතුන දේ ඒ වෙලාවේ මායි ජන්ග්කුකයි කලා. එතන ටිකක් වෙලා හයොන්ග් කියන දේ අපි අහගන හිටියා. මට හිතාගන්න බැරි උනා සූහී කොච්චර දුකක් හිතේ තියාගන විදවනවද කියලා. මම එයාට සලකපු විදිය ගැන මටම පසුතැවීමක් ආවා.

"අපි දැන් ගිහින් ඔයාගේ මේ අතට බෙහෙත් ටිකක් ගමුද"

"හා මත රිදෙනවා"

"එන්න අපි යමු"

මන් එයාගේ අතින් අල්ලන් car එකට ආවා. මයි ජන්ග්කුක් ඒ අජුම්මායි සූහීගේ ඔප්පයි අපි hospital එකට ආවා.

පිටිපස්සේ car එකේ park uncle සූහීත් එක්ක එනවා. සූහී ගේ ඔප්පා පොඩි දරුවෙක් වගේ. එයාට මෙහෙම රිද්දුවම සූහීට කොච්චර වේදනාවක් ඇතිද. Hospital එකට ගිහින් VIP Ward එකක මුලින්ම හයොන්ග් ව නතර කරලා doctor කෙනෙක් channel කරලා එයාට හොදටම treatment ටික කලා.

"Doctor හයොන්ග් ට කොහොමද අත?"

"මන් හිතන්නේ ඔයාලට තේරෙන්වා එයා අසනීප කෙනෙක් එයා නිතරම බෙහෙත් බොන කෙනෙක් බෙහෙත් වලින් තමා එයා මෙච්චර කල් ජීවිත් වෙලා තියෙන්නේ. එක පාරට මෙහෙම කම්පන ආවම මෙයාලට දරා ගන්න අමාරුයි ටේහයුන්ග්-ෂි.. ඒ නිසා මෙයාගේ හිත රිද්දන්නේ නැතුව තියාගන්න. කියන්න සතුටුයි මෙයා එහෙම දුර්වලම කෙනෙක් නෙමේ. එයාගේ පවුලේ අය එයාව සතුටින් තියලා තියනවා. මම එයාට බෙහෙත් වගයක් recommend කලා ඒවා එයාට අරන් දෙන්න..තව මම එයාට injection එකක් දීලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නෑ. ඒත් මේ ඔයාගේ පවුලේ කෙනෙක්ද?"

"ඔව් මේ අපේ පවුලේ කෙනෙක් කියලා හිතාගන්නකෝ"

මම doctor එක්ක කතා කරලා ward room එකට ආවා. සූහීගේ අජුම්මා අඩනවා.

"අජුම්මා ඔයා අඩන්වා නේද?"

"පුතේ මේ බලන්න මෙයාගෙ නංගි දිගට හරහට call ගන්නවා, ඒ කෙල්ල ඉපදුනේම ලෝකේ තියෙන ලොකුම දුක දරාගෙන. ඉපදෙද්දිම එයාගේ අම්මා නැති උනා. ටික කාලෙකින් තාත්තා නැති උනා මේ අසනීප අයියාව අවුරුදු 12 ඉදන් බලාගත්තේ ඒ අහිංසකී.. ඉගෙනගන්න කාලේ ඉදන් මෙයාගෙ බෙහෙත් ගන්න කියලා cafe වල රස්සා කලා. නපුරු නැන්දාගේ කෙනෙහිලිකම් වල ඉවරයක් නෑ. අදටත් නැන්දටයි නැන්දගේ පුතාටයි මටයි මේ ලමයගේ බෙහෙත් වලටයි ඔක්කොටම වියදම් කර්න්නේ ඒ අහිංසකී. හදක් වගේ ලස්සන අපේ කෙල්ල අද වෙනකන් වින්ද දුක් කියන්න මට වචන නෑ පුතේ. මෙහෙම දෙයක් එයා කොහොම දරා ගන්නද. එයා මොන දුක වින්දත් එයා මේ දරුවව සතුටින් තිබ්බා. අද වෙනකන් මම ඇරෙන්න එයාට ආදරයෙන් කතා කරන්න කියලා කෙනෙක් මේ ලෝකේ නෑ. මේ දරුවා ඔයාලට ආස නිසා ඔයාලගේ හැමදේම කොහොම හරි සල්ලි වියදම් කරලා අරන් දෙනවා. ඒ මෙයාව සතුටින් තියන්න."

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now