PAGE NO - 28

558 119 28
                                    

🌸🌸🌸🌸🌸 ජන්ග්කුක් 🌸🌸🌸🌸🌸

ජිමින් හයොන්ග් ට මගේ වෙනසක් තේරිලා තිබුණා .. ඇත්තටම ඒ වෙනස මොකක්ද කියලා මටත් හිතාගන්න බෑ.. මන් හයොන්ග් ලා එක්ක හිටියාට මට සුන්මිව මතක් වෙන එක නැවතුනේම නෑ. ඇත්තටම මගේ හිත මාත් එක්කම ආතල් එකක් ගන්නවද.. නැත්නම් ඇත්තටම මේ කෙල්ල ගැන මුකුත් හැඟීමක්වත් මට ඇවිල්ලද.. ආයීෂ්.. පිස්සු වගේ මට..

එදා රෑ හයොන්ග් ලා අපි ඔක්කොම ටේහයුන්ග් හයොන්ග් එනකන් හිටියා..

" හයොන්ග් කොහොමද ගමන... "
මන් ඇහුවේ ඇතුලට ආපු ටේහයුන්ග් හයොන්ග් ගෙන්..

" කොල්ලගේ මූනෙන් පේන්නේ නැද්ද... ගමන කොල්ලට සරුයි කියලා.. "
ජුනී හයොන්ග් එහෙම කිව්වාම ටේහයුන්ග් හයොන්ග් ට මූණට ඇදුන හිනාව හංගගෙන ඉන්න බැරි උනා..
ඒත් මට ඕන උනේ සූහී ගෙදර ගියාද සුන්මී ගැන හයොන්ග් මොනවා හරි කියයිද කියලා දැනගන්න.. මටත් මොනවා වෙලාද මේ.. යීෂ්..

" හයොන්ග් සූහී ගෙදර ගියාද.."
ඔව් මන් ඇහුවා.. කමක් නෑ.. ඔන්න ඔහේ..

" හ්ම්ම් ඔව් මන් ගෙදරින් දැම්මා එයාව.. හයොන්ග්,  සුන්මී නම් නිදි.. පව් මහන්සි ඇති එයාට.."

" ඔව් දවසම තනියමනේ.."
මන් හිතුවේ සුන්මී ගැන උනත් ඒ කිව්ව දේ තව ටිකක් එහාට මෙහාට උනා නම් බල්ලා මල්ලෙන් පැනලා ටේහයුන්ග් හයොන්ග් ගේ අතේ..

" කවුද තනියම.. සූහී මාත් එක්කනේ හිටියේ "
අසිහියෙන් මාත් මොනවා කියනවද මන්දා.. මන් සුන්මී ගැන හිත හිත කිව්ව දේට ඔක්කොම ඇස් ලොකු කරලා බැලුවා..

" ජන්ග්කුකා මොකද වෙලා තියෙන්නෙ..."

" ඇයි.. මන් මන් මේ... මේ කිව්වේ සූ..හීගේ ඔප්පා  ගැන ඔව් ඔව්...ඔප්පා මේ...මේ.. සූහෝ හයොන්ග්  ගැන.."

" අහ් ඒක මිසක්.."
තව පොඩ්ඩෙන් ඔක්කොම එලි වෙනවා.. මට මොනවා වෙලාද...

" හයොන්ග් අද අපේ පස්සෙන් වාහන දෙක තුනක්ම follow  කලා.. company  එක හෙට මේ ගැන announce  කරයිද.."
ටේහයුන්ග් හයොන්ග් ජුනී හයොන්ග් ගෙන් එහෙම ඇහුවා

" හ්ම්ම් ඔව් ටේහයුන්ග් හෙට උදෙන්ම ඔයා සූහී ගාවට යන්න දැනටමත් කට්ටිය සූහී ගැන විස්තර හොයනවා ඇති ඒ ලමයා බය වෙයි ඒ නිසා.."

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸जहाँ कहानियाँ रहती हैं। अभी खोजें