PAGE NO - 15

614 126 17
                                    



ජන්ග්කුක්....

උදේ පාන්දරම මට එක පාරටම ඇහැරුනේ ඇයි කියන්න මම දන්නේ නෑ. ඒත් මගේ ඔලුව පුපුරන්න තරම් වේදනාවක් ඔලුවෙන් ආවා. කොටින්ම අද මට ඇස් දෙක ඇරගන්නවත් අමාරුයි..ඔව් ඊයේ රෑත් නොසෑහෙන්න මන් බීලා.

මන් ඉස්සරහ බලද්දි පාක් අංකල් මගේ ඉස්සරහ ඉදන් නිදි කිර කිර ඉන්නව දැක්කම මට පව්ත් හිතුනා. මන් නිසා එයත් දුක් විදිනවා. හයොන්ග් ට මන් කියලා තියෙන්නේ මන් බුසාන් වල කියලා.. ඒත් මන් හිටියේ සෝල් වල මගේ ගෙදර.. මොකද මගේ මේ හැසිරීම් එයා දැක්කොත් තවත් ප්‍රශ්න.. ඒ වගේම මගේ වෙලාවට හයොන්ග් ගේ සින්දුවේ වැඩ නිසා එයා කාර්‍යබහුලයි..

ඒත් ඊයේ මන් මොනවා කලාද මන්දා. ඇඳෙන් ඉඳගෙන මන් මගේ නලලත් අතගාන ගමන් කල්පනා කලේ මන් මුකුත් වැරැද්දක් වත් කලාද අංකල් යන්නේ නැතුව මන් ගාවම හිටියේ. මොකද නැත්නම් එයා මාව දාලා ගිහින් උදේටනේ එන්නේ.. එතකොට මගේ අතේ තිබුණ band එකේ ගෑනු ලමයෙක්ගේ කෙස් වගයක් පැටලිලා තිබුණා දැක්කා.. මන් කල්පනා කලා කාගෙද මේ කෙස් කියලා ඒත් මට මතක් උනේම නෑ. අනික ගෑනු ලමයෙක්ගේ.. මොන මල මරාලයක් දාගනද දන්නේ නෑ මන් ඒ පාර..

"ඒ සූහී මිස්ගේ කෙස්"

එක පාරටම පාක් අංකල් කිව්ව කතාවට මම නිකන්ම ඇදෙන් නැගිට්ටා.

"අංකල් මේ... මේ මගේ ඔලුව පුපුරන්න එනවා.. ඒ අස්සේ ඔයා මට උදේ පාන්දර විහිළු කරන්වද.... ගිහින් මට lime juice එකක් අරන් එන්න.."

"සර්"

අංකල් මාව නවත්තලා මගේ අත් දෙකෙන් ඇල්ලුවා.

"අංකල් මොකද මේ??"

"ඊයේ ඔයා අතින් ලොකු වැරැද්දක් උනා මහත්තයෝ.."

"මොනවද කියවන්නේ මාව තවත් බයනොකර ඉක්මනට කියන්න"

"මහත්තයා ඊයේ හොදටම බිව්වා මං නවත්තන්න හැදුවත් මහත්තයා හොදටම බිව්ව.. ඒ බීලා වැඩි වෙලා ඉන්න වෙලාවේ මහත්තයා සූහි මිස්ට call කලා. එයාට ඔයා හම්බෙන්න එන්න කිව්වා"

"මොකක්.. නෑ නෑ.. බොරු කියන්න එපා."

"මහත්තයා"
පාක් අංකල් ගේ හඩ එක පාරටම රලු උනා. කවදාවත් එයා මෙහෙම මට කතා කරලා නෑ.
මන් ඔලුව කස කසම එයාගෙන් ඇහුවා..

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now