PAGE NO - 23

531 118 18
                                    

🌸🌸🌸🌸🌸 ජන්ග්කුක් 🌸🌸🌸🌸🌸


අපි ඇතුලට යද්දී හයොන්ග් බිමට වැටිලා හිටියේ.. නිකන්ම නෙමේ එයාට සිහිය තිබුණේත් නෑ.. ඒ වගේම එයාගේ නලල ගාව තුවාල වෙලා ඒකෙන් ගොඩක් ලේ ගිහින්.. මුලු කාමරයම අවුල් ජාලාවක් වෙලා... හයොන්ග් මුලු කාමරයම පිස්සන් කොටුවක් කරලා.. හයොන්ග් හිටපු විදිය දැක්කම මට විතරක් නෙමේ අපි කාටවත් වාවගන්න බැරි උනා...

"ටේහයුන්ගා.. අනේ මගේ ටේ...නැගිටින්නකෝ... කෝ ඇස් ඇරලා මන් දිහා බලන්නකෝ.. ජිමිනා ආවා.."

ජිමින් හයොන්ග් කෑ ගගහා හයොන්ග් ව බදාගත්තා..

මන් හිටියේ කරකියාගන්න දෙයක් නැතුව.. මගේ ඇස් වලින් කදුලු වැටුනේ මන් හයොන්ග් ට බැන්න විදිය මතක් උනාම.. ඇයි මගේ හයොන්ග් ටම මෙහෙම වෙන්නේ.. ??

අපි ඉක්මනට හයොන්ග් අරගෙන hospital  එකට ආවා.. මේ දේ රහසක් විදියට තියාගන්න කියලා නම්ජුන් හයොන්ග් සේජින් හයොන්ග් ට කිව්වා. මොකද උන දේවල් එක්ක මේක ටේහයුන්ග් හයොන්ග් ගේ career  එකට ඉස්සරහට ලොකු බලපෑමක් වෙන්න ඉඩ තියන නිසා..

හයොන්ග් ට සිහිය එන්න දවස් දෙකක් විතර ගියා.. ගොඩක් ලේ ගියපු නිසාත් ලේ යද්දී හයොන්ග් ට සිහිය තිබුණේ නැති නිසාත් එයාට සිහිය එන්න කල් ගියා කියලා doctor  කිව්වේ.. ඒත් හයොන්ග් අපි කාටවත් එයාව හම්බෙන්න ඉඩ දුන්නේ නෑ...

මන් හැමදාම හයොන්ග් ගේ කාමරේ ගාව හිටියත් එයා ඇතුලට එන්න දුන්නේ hospital  staff එකේ අයට විතරයි... සමහර වෙලාවට මට ගොඩක් දුක හිතුනා හයොන්ග් මාව වත් බලන්න බෑ කිව්වම..  ජිමින් හයොන්ග් දෙතුන් පාරක්ම ඇතුලට යන්න හැදුවත් එයා ඒකට ඉඩ දීලා තිබුණේ නෑ.

හයොන්ග් ගේ මූණ වත් බලන්නේ නැතුව සතියක් විතර ගෙවුනා.. අපි කාවවත් හම්බෙන්න එයා කැමති උනේ නෑ.

ඒත් එදා හයොන්ග් නර්ස් කෙනෙක් අතේ අපිට පණිවිඩයක් එවලා තිබුණා..

"සේජින් කියන්නේ කවුද? ටේහයුන්ග්-ෂි එයාට ඇතුලට එන්න කිව්වා.."

"සේජින් කියන්නේ මම"

"ඔයාට එයා එන්න කිව්වා"

LOVE TO TEARS [Completed] | KTH FF |🌸🌸Where stories live. Discover now